“විජ්ජා උදපාදි” (විද්‍යාව ඉපදිණ) රිච්මන්ඞ් විද්‍යාලයීය බෞද්ධ සංගමයේ නිර්මාණයක්.. මෙම ලිපිවල අයිතිය රිච්මන්ඞ් විද්‍යාලයීය බෞද්ධ සංගමයේ වන අතර ලිපිවල කරුණු පිළිබඳ වගකීම ඒ ඒ ලේඛකයෝ සතුය.
රිච්මන්ඞ් විද්‍යාලයීය බෞද්ධ සංගමය,
රිච්මන්ඞ් විද්‍යාලය,
ගාල්ල,
ශ්‍රී ලංකාව.
දු.ක/ෆැක්ස් – +94 91 2234886
ඊමේල් – richmondgalle@gmail.com
වෙබ් – www.richmondcollege.lk
රිච්මන්ඞ් විද්‍යාලයීය බෞද්ධ සංගමය
සාමාජික සංඛ්‍යාව – 4000
අධි සාමාජික සංඛ්‍යාව - 100
පිහිටුවීම – 2008-04-24
දැක්ම
සම්බුද්ධ සද්ධර්මයේ නිර්වාණයෙහි ගැඹුර මානසික ජීවිතය සමග බද්ධකොට ලොවට මුදාහරණය පිණිස, පුහුදුන් බවෙන් මිදුනු, ආර්ය චින්තනයෙන් හෙබි ශිෂ්‍ය ක‍්‍රියාකාරීත්වය තුලින් ලොව්තුරු නිදුක් බව සාක්ෂාත්කරණය.
මෙහෙවර
සත්‍යාවබෝධය පිණිස වූ නිහඬ හා තනි විය යුතු තැන්හි එසේ වන නිර්මාණශීලී, අභියෝගශීලී, ගුණ නැණෙන් පරිපූර්ණත්වයට පත්වන සංසාර නිදහස පිණිස ජීවිතය දියුණු කරමින්, ඒ උතුම් පණිවුඩය ලෝසතට පතුරන අධ්‍යාත්මික ශක්තියකින් හා ආර්ය දර්ශනයකින් යුතු මාර්ගඵල අවබෝධයට යොමුවුනු රිච්මන්ඞ් ශිෂ්‍යයෙකු බිහිකිරීම.
ආශ්චර්යවත් මේ ධර්මය අපේ නොවේ.
මේ ධර්මය සම්මා සම්බුදු රජාණන් වහන්සේගේය.
අපහා උන්වහන්සේ අතර සම්බන්ධතාව ලැබෙන්නේ උන්වහන්සේගේ ධර්මාවබෝධයෙන්ය.
ඒ සඳහා බුද්ධානුස්සති ශාසනාව ප‍්‍රායෝගික කළ යුතුය.
එකල්හි මාර්ගඵලාවබෝධය ලැබේ.
මාර්ගඵලාවබෝධය ලැබූ උතුමෝ
මේ සමාජයේ නිහඩවම හිඳ
පුහු දුන් සතට ආදරානුකම්පාවෙන්
මාර්ගඵල අවබෝධකරන්නට කියා දෙන්නේය.
බුද්ධත්වයෙන් පැන නගින
ආර්ය ශ‍්‍රාවක පරපුරේ ඒ හඩ හැමටම නොඇසේ
ඇසුණත් හැමටම අවබෝධ කළ නොහේ.
එනමුදු ඒ පහළ වී ඇත යනු මෙයයි.
අසන්නට කනක් තිබේ නම්
සිතන්නට සිතක් තිබේ නම්
දකින්නට මනසක් තිබේ නම්
ලබන්නට විමුක්තියක් තිබේ නම්
ගෞතම බුදු සසුනේ ආර්ය ශ‍්‍රාවකයෙකු වීමේ
භාග්‍ය උපදවාගෙන
ධර්මය විවෘත කරගෙන
මාරයාගේ සසරෙන්, දුකෙන්
නික්මීමේ සුරක්ෂිත මාවත විවරව ඇත.
ඒ බව හෙළි කරන්නට
ඒ බව ළං කරන්නට
ආර්ය පර්යේෂණයක අමා විද්‍යාව උදාකර ගැනීමට
රිච්මන්ඞ් බෞද්ධ සංගමයේ
මේ පරමදුර්ලභෝත්තරීතර වෑයම
සංසාරයේ අග‍්‍රඵලය ලෙස
ධර්මදානයට පුදන මේ මොහොතේ
ඒ තුළින්
සෝවාන් මග ඵල පිණිස වන එක සිතක්වත්
තහවුරු වී බිහි වුණොත්
කාම ලෝකයෙන් නික්මෙන්නට ශක්ති හැඟීම් ලැබුණොත්
සැබෑ බෞද්ධත්වය වැටහී අභින්කිමන හඳුනාගතහොත්
සසර සත්වයින් වෙනුවෙන්
එය පමණක් අපේ ශාසන යුතුකම් හා වගකීම
බව මේ බව දැනෙන-නොදැනෙන සැමටම ධර්මතාවන්ට ඉඩදෙමින් මෙයින් දන්නා-දක්වා ……සිටිමු.
Like this:
Be the first to like this page.
Niwansuwa labewa!!!