විද්‍යාවේ අධ්‍යාත්මය – අභිධර්මාචාර්ය ශාස්ත‍්‍රවේදී අජිත් කුමාර මයා.

සසර කතරින් පුදදුන් මිනිසා සතර කර වීමේ දැවැන්තම කාර්ය භාරය වර්තමානයේ හිමි වූයේ නික්ලේෂි වූ මහා බුදු පියාණන් වන ගෞතම බුදු හිමියන් වහන්සේටය. පෙනෙන ලොව තුළ පවතින ක‍්‍රියාදාමයන් අවබෝධ කර පැහැදිලි කරවට වඩා, අපහසු බවක් නොපෙනෙන ලොව තුළ පවතින ක‍්‍රියාදාමයන් අවබෝධ කර පැහැදිලි කිරීම අමුතුවෙන් සටහන් කිරීමට අවශ්‍ය නැත. සසර කතර ගමන් ඇරඹුවේ ඔබේ සිතයි. දුකින් දුකට අගාධයෙන් අගාධයට වැටෙමින් මේ යන්නාවූ සසර ගමන ඔබ නිතර සිතනුයේ ඔබට සම්පත් තිබෙන විට සතුට තිබෙන විට මේ පවතින ස්වභාවය කෙතරම් හොඳය වශයෙනි. නමුත් මතුපිටින් බලා සසර කතරේ පවතින ඇති භයංකාර වූත් බිහිසුණු වූත් ගමන ඔබට නොපෙනෙනවා ඇත. ඔබට එසේ වනුයේ ඔබට ගොඩක් දුර නොපෙනෙන බැවිණි. ඔබ නිතර ළඟ ගැන සිතමින් පවතින ස්වභාවය අගය කිරීමේ ප‍්‍රතිඵලය නිසා මේ තත්වය ඔබට කිසි විටෙකත් අවබෝධ නොවනවා ඇත.

එක් අවස්ථාවක භික්ෂූන් වහන්සේ කෙනෙකුගෙන් තරුණයකු ඇසූ ප‍්‍රශ්නයකදී මෙසේ සඳහන් විය. හාමුදුරුවන් නිවන කියන්නේ කුමක්ද කියලා ඇසූ විට උපදින එක නතර කිරීමක් වශයෙන් කෙටියෙන් පිළිතුරු සපයා ඇත. මේ තරුණයා හාමුදුරුවන් වහන්සේට කියා සිට ඇත්තේ අපි කෙතරම් හොඳට කාලා බීලා විනෝදයෙන් සිටිනවාද අපි සංතෝෂයෙන් සිටිනවා හාමුදුරුවනේ නිවන් දකිනවා කියන්නේ  ඕකනම් අපි බුදුහාමුදුරුවන් දේශනා කළ මේ කිසිවක් අපට අවශ්‍ය නැති බව ඔහු පවසා ඇත. මේ ජීවිතය කොච්චර හොඳද. උපදින එක නතර කිරීමට මේ සියල්ල අහිමි කර ගැනීමක් බව පවසා ඇත.

මෙයින් යමක් මතුකර අපගේ සිත් සතන් තුළට ගත යුතුව තිබෙන බව බෞද්ධ අපි සිතට ගත යුතුව ඇත. බෞද්ධ සිතින් අවධි වීම කාලය උදාවී ඇත. බුදුපියාණන් සිටි කාලයේදී එකල දැල්වූ පහනේ ආලෝකය හොඳින් එකල සිටි ජනයාට හොඳින් දැනුණි. නමුත් වර්තමානයේ එම ආලෝකයේ රස්නය ආලෝකය දැනෙනුයේ අල්ප වශයෙනි. මෙහිදි මතුකර දැකිවීම වියයුත්තේ බුදුපියා සිටින කාලයේ ඉතා කෙටියෙන් ධර්මය දෙසුවත් නිවනේ ස්වරූපය අවබෝධ කර ගැනීමට හැකි ශක්තියක් සිටි බවයි. එකල පහන් ආලෝකය ප‍්‍රබලය. ඒ නිසා රහතන් වහන්සේලාගෙන් අඩුවක් එකල නොවීය. නමුත් වර්තමානයේ මේ ගතවන්නේ 2800 ක් ඉක්ම යන කාලවකවානුවකය. මෙවැනි ප‍්‍රකාශ මේ කාලයේ ඇසීම අරුම පුදුම වීමට අවශ්‍ය නැත. පහන් ආලෝකයේ රස්නය ආලෝක තත්වය අඩුවෙමින් පවතී. රහතුන් වහන්සේලා වර්තමානයේ නැත. නමුත් තවමත් අකාලික ධර්මයක් ඇත. මනුෂ්‍යයන් මේ මනුලොවේ ඉපදීම සිදුවේ. කායික ලක්ෂණ වල කිසිදු වෙනසක් දැකිය නොහැක. මේ විපර්යාසයට මූලික වී ඇත්තේ ආධ්‍යාත්මිකව පවතින තත්වය අවබෝධ කරගැනීමට තරම් මානසික ශක්තියක් නැති බවත් ඒ ශක්තිය මිනිසාගෙන් ශීඝ‍්‍රයෙන් එය ඉවත් වී යන බවකි.

කෙසේ වුවත් අකාලික ධර්මය තුළ මිනිසාගේ සිත් සතන් නිවරදිව යොදා ගන්නේ නම් අද පවා රහතුන්ගෙන් මේ වර්තමානය හිස් නොවනවා ඇත. අද පවා ධර්මය අවබෝධ කර නිවන් දැකීමට ධර්මය ජීවමාන ශක්තියක් පවතී. ඒ ගැන අපගේ අවධානය යොමු කිරීමට වැදගත් බව තරයේ සිතට ගත යුතුව ඇත.

මිනිසාත් බවය දුර්වලව අප තවදුරටත් දැන ගැනීමට වැදගත්ය. එය විස්තර කිරීමට බලාපොරොත්තු නොවෙමි. සසර කතර ඇති බියකරු බව කටුක බව තුළ සුන්දර මාවතක් නොමැත. දැන් සිටින තැන සුන්දරව පෙනුනත් ඔබට දුර නොපෙනෙන නිසා සැපයක් වශයෙන් දැකිය හැකිය. මින්පසු ඔබ කරන කියා දමන මේ කතරේ කොතනට යෑමට සිදුවේද යන්න ඔබවත් මාවත් නොදනී. මේ පිළිබඳ අවධානය යොමු කර මේ සසර කතර හෙලි කිරීමට ඔබට ලැබුනු අවස්ථාවෙන් හෙලි පෙහෙලි කර සසර කතර සුන්දර මාවතක් කර ගැනීමට අද සිටම නොපමාව කටයුතු කරනවා නම් මේ ලිපියෙන් බලාපොරොත්තු වන අරමුණු ඉටුවූවා යැයි හුදෙක් සතුටු විය හැකිය.

ඔබේ අනවබෝධයෙන් ඔබට මුදවන්නට සමතෙකු මිහිපිට නැවත පහළ වනවාට සැක සහිතය. බුදුපියා ජීවමානව නැත. නමුත් ගුරුවරු ලෙස සැලකූ ධර්මය අප සතුව ඇත. බුදුපියා මුවින් දේශනා නොකළත් ධර්මයේ සජීවි බවක් ඇත. ධර්මය දැකීම බුදුහිමි මනාව දැකීම වශයෙන් උන්වහන්සේ පෙන්වා දී ඇත. සිත අවදිකර ගැනීමට හා අවබෝධයක් වර්තමානයට මුහුණ දීමට සිදුවී ඇති කාලයක් වශයෙනුත් මේ ගතවන්නේ අනාගාමී පරිසරයක් බව තේරුම් ගත යුතුව ඇත. බුදුහිමි දැල්වූ පහන් ආලෝකය එකසේ විහිදුනත් පුද්ගලයන්ට දැනෙනා ප‍්‍රමාණ ගණන සමරු පහන් වල වෙනසක් ඇත. ඒ නිසා නිවන් දැකීම පිළිබඳ සත්‍ය ධර්මය අවබෝධ පිළිබඳ දැනෙන ප‍්‍රමාණය වෙනස් වී ඇත. මේ ලිපියෙන් මා ඔබගේ අවබෝධයේ ස්වභාවය නැවත අධ්‍යාත්මික විද්‍යා සංකල්පය තුළ අවබෝධාත්මකව පුබුදු කිරීමට මේ තරම් උත්සාහයක් ගැනීමට මාගේ අවධානය යොමු කරමි.

බුදුහිමි මාවතක් පෙන්වා දී ඇත. ඒ මාවතේ සුන්දර බව සුන්දර ලෙස දැකීමට මා මෙසේ ලිපියට කරුණු ගොනු කරමි. එක් දිනක් ධර්ම සාකච්ඡුාවකදී එක් උපාසිකාවකගෙන් මෙසේ ප‍්‍රශ්නයක් ඇසීය. ඔබ සිල් ගන්නේ ඇයි. ගමේ අනෙක් අය සිල් ගන්නවනේ. මේක අප් පන්සලනේ. ඒ නිසා කියා ප‍්‍රකාශ කරන ලදී. මේ කියමන ගැන අවධානය යොමුකර බැලීමේ දී අපි අපේ ආගම තුළ අපි කොතන සිටිනවාද යන්න සිතා ගතහැකිය. ඊළඟ ප‍්‍රශ්නය වූයේ ඔබ බුදුහිමි හඳුනාගෙන ඇත්තේ කවුරු කෙනෙක් වශයෙන් ඔබ තේරුම් අරගෙන සිටිනවාද ඇසූවිට කිසිවක් ප‍්‍රකාශ කර ගැනීමට පවා නිරුත්තර වන සමාජයක අපි ජීවත්වන බවක් මාහට දැනුනි. කෙසේ වුවත් අපටද අවදි විය යුතු කාලය උදාවී ඇති බව මාහට පසක් විය.

බුදුහිමි පෙන්වා දුන් මාවත වර්තමානයේ පවතින උදාහරණ වලින් මා ඔබේ සිත් සතන් තුළම ප‍්‍රවේශ කිරීමට උත්සාහ දරමි. නිවන් මගෙහි ප‍්‍රධාන අවස්ථා තුනක් දැකිය හැකිය. එය සීල, සමාධි, ප‍්‍රඥා ලෙස පෙන්වා දිය හැකිය. සීලය යනු අපේ ජීවිත කියලා කියන්නේ නිරවුල් ඔප්පු සහිත ඉඩමක් වශයෙන් සිතුවහොත් මේ නිරවුල් ඉඩමේ නිත්‍ය අයිතිකරු ඔබය. මෙයද සිතිය යුතුය. ඔබ එහි සදාකාලික අයිතකරුද නොවන බවද කෙසේ වුවත් ඔබට ලැබුනු නිරවුල් ඉඩම ඔබ ආරක්ෂා කරගත යුතුය. එක් එක් අයට පවතිනුයේ විශාලත්වයෙන් වෙනස් වූ ඉඩමක් නොවනබව සිතිය යුතුය. හැමෝටම ඇත්තේ එකහා සමාන වූ ඉඩමකි. මේ ඉඩම ආරක්ෂාකර ගැනීම ඔබ සතු යුතුකමකි. මේ සඳහා වැටක් හෝ තාප්පයක් වැනි දෙයකින් ඔබ මෙය ආරක්ෂා කළ යුතුය. ඒ සඳහා ඔබ තාප්පයක් ඉදිකරනවාද වැටක් ඉදිකරනවාද යන්න ඔබ තීරණය කළ යුතුය. සීලය යනු කය, වචනය යන දෙකේ සංවරය නම් කාය සංවරය නැමැති ඉණි සිටුවා වචනය නැමැති ලී වලින් ඔබ සවිමත් වැටක් ඉදිකර ගත යුතුව ඇත.

මේ සඳහා ඔබ ඉදිකරන වැට පන්සිල් වලින් ගහනවාද, අටසිල් වලින් ගහනවාද, දසසිල් වලින් ගහනවාද, කෝටියක් සංවර සීලයෙන් ගහනවාද යන්න ඔබ තීරණය කළ යුතුය. පන්සිල් වලින් ගහන වැට කුරුඳු කෝටු වැටවල් හැමදාම සකස් කළ යුතුය. කුරුඳු කෝටු එක පැත්තකින් ඉඩම වටේ සිටවා එනවිට සිටවපු කුරුඳු කෝටු දිරා ඇත. ඒ නිසා දිනපතාම කුරුඳු කෝටු සිටුවීමට සිදුව ඇත. ඒ නිසා සෑම දවසකම හොඳ දෙයක් කරන හැම වෙලාවේදීම ඉඩම ආරක්ෂා කර වැට සකස් කිරීමට සිදුවී ඇත. ඒ නිසා භික්ෂූන් වහන්සේලා පන්සිල් සමාදන් කරවමින් පාසල් වල උදේ පන්සිල් ගැනීමක් දැකිය හැකිය. අනෙකුත් සතුන්ගෙන් සිදුවන උපද්‍රව වලින් ආරක්ෂා කර ගැනීමට මෙය සිතිය යුතුය.

පන්සිල් වලින් හැමදාම ඉඩම ආරක්ෂා කරනවාට වඩා අටසිල් නැමැති සවිමත් කොන්ක‍්‍රීට් කණු සහිත වැටක් සකස් කිරීම ලෙස පෙන්වා දිය හැක. පෝයට ඔබ සිදුකරනුයේ ඉඩම වටේ කොන්ක‍්‍රීට් කණු සිටුවීමක් බව සිතිය යුතුය.

තවද භික්ෂූන් වහන්සේලා උපසම්පදා සීලය සමාදන් වනවා කියන්නේ ජීවිතය නැමිති ඉඩම වටේ කොන්ක‍්‍රීට් තාප්පයක් ඉදිකිරීක් ලෙස පෙන්වා දිය හැක. කොන්ක‍්‍රීට් තාප්පය දුටු විගස ඇත්තු පවා දණගැසීම සිදු කරයි. රජවරු, සිටුවරු පවා දණගැසීම දැකිය හැකිය. කුරුඳු කෝටු වැටවල් කඩාගෙන යෑමට  ඕනෑම සතෙකුට හැකියාව ඇත.

ඉහත පැහැදිලි කිරීමට අනුව ඔබ ජීවිතකාලය තුළ කුරුඳු කෝටු වැටවල් ගමනවාද ස්ථීර සාර කොන්ක‍්‍රීට් තාප්පයක් වගේ තාප්පයක් සකස් කරනවාද එසේත් නැතිනම් පෝය දිනක කුරුඳු කෝටු වැටට කොන්ක‍්‍රීට් කණු ටිකක් සිටවනවාද යන්න සිතිය යුතු කාලය එළඹ ඇත.

ජීවිතය නැමැති ඉඩම වටේ ගහන වැට සවිමත් වන තරමටම ඔබට පැමිණෙන බාහිර බලපෑම් අඩුය. සුවසේ කාලය ගත කරන්නට හැකිය. නිවීම ඒ තුළ පෙන්වා දී ඇති අයුරු කොතරම් අපූරුද, නිවනේ පළමු පියවර තුළම නිවන් සැපත ඔබට පසක් කර ගැනීමට හැකි වේවායි පතමි. ඔබ සීලයෙන් සවිමත් නම් කිසිවෙකුගෙන් ඔබගේ ජීවිතයට බාධා නැත. නිරවුල් මනසින් යුතුව බියෙන් සැකයෙන් තොර ජීවිතයකට මංපෙත් විවර වේ. ඒ පිළිබඳව ඔබේ අවධානය යොමු විය යුතු කාලය එළඹ ඇත.

බෞද්ධ සමහරු සීල නැමැති වැට ගසාගෙන නිකරුනේ සිටීමෙන්ද අවශ්‍ය ලෝකෝත්තර සැපයට යා නොහැකිය. ඒ නිසා ඉඩම සකස් කර ගැනීමද වැදගත්ය. ඒ සඳහා ඉඩමේ තිබෙන ගල් අනවශ්‍ය ගස් ඉවත්කර ඉඩම පිරිසිදු කළ යුතුය. ඉඩම වටේ සවිමත් වැටක් නැතුව කොතරම් ඉඩම පිරිසිදු කළත් පලක් නැත. ඒ නිසා සීලය නැමැති වැට ගැසීමෙන් පසු ඊළඟ පියවර සමාධිය නැමැති පොළොව සකස් කිරීමයි. එයද නිවන් මගෙහි සිදුකළ යුතු වැදගත්ම දෙයකි. ඒ නිසා සමාධිය නැමැති පොළොව සකස් කළ යුතුය. සමහර බෞද්ධයෝ අටසිල් පොහොය දින සමාදන් වී පොළොව පිළිවෙළකට සකස් නොකර කාලය ගත කරයි. කොන්ක‍්‍රීට් වලින් තාප්පය ඉදිකර බණ භාවනාවක්වත් නොකර සමාධිය නැමැති පොළොව සකස් නොකරන පිරිසක් අප අතර ඇත. සිතීමට කාලය ඇත. අපහසුවෙන් තාප්පය ඉදිකරගෙන සිටියට වැඩක් හෝ ඵලයක් නැත. ඉඩමෙන් ප‍්‍රයෝජනයක් ගැනීමට හැකිවන අයුරින් නිරවුල් ඉඩම සකස් කර ගැනීමට තම තම නැණ පමණින්, සිදු කිරීමට කාලය උදාවී ඇත.

සමහර බෞද්ධයන් තමන්ගේ වැට සවිමත් නැති වුනත් භූමිය සකස් නොකරත් අනුන්ගේ වැටවල් සවිමත් කිරීමටත් භූමිය සකස් කරන අයුරු පිළිබඳ උපදෙස් සපයයි. බුදුහිමි පෙන්වා දුන්නේ පරාර්ථයට පෙර ආත්මාර්ථය තුළින් සමාජයට ප‍්‍රවේශ වන ලෙසය. එයින් අදහස් කරනුයේ කෙනෙකු අපහසුවකට පත් නොකර තමා විසින් සමව තම දෙපයින් නැගිටි කෙනෙකු බවට පත්වන ලෙසය. කෙසේ වුවත් සමාධිය නැමැති භූමිය පිරිසිදු කර ගැනීම තුළින් නිවන අවබෝධ කරගත හැකි අවස්ථාව උදාවේ. සීලයෙන් ලද නිවීම තීව‍්‍රර කර ගැනීම සමාධිය තුළින් සවිබල ගැන්විය හැකිය. ඉඩමක් නිකරුණේ වල් බිහි වන්නට ඉඩදී බලාගෙන සිටීම සිදුවිය නොවිය යුත්තකි. එයින් ප‍්‍රයෝජනයක් ගත යුතුය. මෙසේ විමර්ෂණය කළ හැක්කේ මනුෂ්‍යයන්ට පමණි. මනුෂ්‍ය සිත් සතන් ධර්මයේ ආලෝකයෙන් ආලෝකයට යා යුතු කාලය එළඹ ඇත.

සීලය නැමැති වැට ඉදිකර සමාධිය නැමැති පොළොව සකස් කර ප‍්‍රඥාව නැමැති බීජයන් පැළ කළ යුතුය. ප‍්‍රඥා බීජයන් තුළින් නිවන දැකිය හැක. ජීවිතයේ නියම ඵලය උදාකර ගැනීම යනු ප‍්‍රඥාව නැමැති බීජයන් වැපිරීමය. එය නිවනයි.

අද සමාජය තුළ සීලය පිළිබඳ හරි වැටහීමක් නැත. නිවන් මගේ පළමු පියවර අනවබෝධයෙන් යුතුව මුහුණ දේ. මෙය නිවැරදි වුවහොත් බොහෝ දුර මනුෂ්‍යයාට යා හැකි වනු ඇත.

ආර්ය අෂ්ඨාංගික මාර්ගය එකම මාර්ගය බව සඳහන් කර ඇත. නිවන් දකිනු කැමති පුද්ගලයා මේ මාර්ගය අනිවාර්යයෙන් යා යුතුය. එහි සීලය සමාධිය ප‍්‍රඥාව මැනවින් විද්‍යමාන වේ.

බුදු දහමේ ආධ්‍යාත්මික ස්වරූපයක් ඇත. භෞතික වූ ශරීරයවත් ඉඩකඩක් ගැනවත් වර්ණනා නොකරයි. සිත නැමැති ඉඩමේ ක්ලේෂයන්ගෙන් වැසීගත් කිසිවෙකුටත් ප‍්‍රයෝජනයක් නොමැති වුවත් අඳුරු ප‍්‍රදේශයකින් තොර කවුරුත් ප‍්‍රයෝජනයක් ගන්නාවූ සුන්දර පාරාදීසයක් බඳු වූ සිතක් ඔබ සතු කර ගැනීම පිළිබඳ සියලූ සවිබල ගැන්වීම් ධර්මයේ පියවරෙන් පියවර අප සතු කර ඇත.

ජීවිත අවබෝධය හැකිනම් ඔබේ ඉඩමේ ස්වරූපය මතුකර පෙන්වා දීම ඉතා වටිනා බවක් ඇති බැවින් ලිපිය මෙසේ සාරවත් කිරීමට සිතුණි.

ජීවිතය යනු කුමක්දැයි යන්න අවබෝධ කිරීම සඳහා ඔබ විසින් ඔබට මුහුණ දීමට සිදුවන හා මුණගැහෙන අභියෝග පිළිබඳ පුළුල් විමර්ශනයක යෙදිය යුතුය. ජීවිතය කැටයකට උපමා කළොත් එම කැටයට වටිනාකමෙන් වැඩි මුදලක් දැමිය හැකිය. සමාජ සම්මතයෙන් බැහැර වටිනාකමින් අඩු ක‍්‍රියාවන් හා සිතිවිලි ශත 25 ට ශත 50 ට උපමා කළ හැකිය. සමාජයේ පවතින සාරධර්ම හොඳ දේවල් රු.10 කාසි වල උපමා කළොත් ඔබ ඔබේ ජීවිතය නැමැති කැටයට ඔබ වර්තමානයේ දමන්නේ කුමන මුදල්ද යන්න සිතිය යුතුය. ශත 25 කාසිය මතක තබා ගත යුතු කරුණක්නම් කවදා හරි කැටයෙන් නැවත මුදල් ගැනීමට ඔබට සිදුවේ. ශත 25 මුදල දැමීමෙන් ගන්න වෙන්නෙත් ශත 25 ඒවාමයි. ඒ නිසා ඔබ වඩාත් අනාගතයේ ගන්න කැමති මුදල් ඔබ වර්තමානයේ ඔබේ ජීවිතය නැමැති කැටයට දැමිය යුතුයි.

කිසියම් කෙනෙකු ඔබගෙන් මුදලක් ඉල්ලා සිටියහොත් ඔබ ශත 25 ඒවා දමා ඇත්නම් ඔබට බොහෝ වේලා ගනන් කිරීමට සිදුවේ. ඒ අනුව ඔබ දුර්වලයෙකු බව ප‍්‍රඥාවන්ත සමාජය තුළ විද්‍යමාන වේ. ඒ නිසා නොපමාව උසස් දේවල් කරන්න. බුදුහිමි දෙසුව මගේ යන්න. එවිට ඔබ ජීවිතය නැමැති කැටයට වටිනාකමින් වැඩි මුදල් දමා ඔබ ජයග‍්‍රහණය කළ වටිනා පුද්ගලයකු වීමට උත්සාහ ගත යුතුය.

තවද ජීවිතය වාහනයක් නම් ඒ වාහනය ඔබ සතුනම් ඔබ ඉතා  ඕනෑකමින් ධාවනය කළ යුතුය. එය ඔබගේ බැවින් ඔබ මොහොතකට සිතා බලන්න ඔබේ වාහනයට ඔබ කොතරම් පීඩාවක් දෙනවාද යන්න. පාරේ වංගුවක්නම්, පාර කඩොලූ සහගත නම්, ජලය පිරුණු වලවල් නම් ඔබ වාහනය ධාවනය කළ යුත්තේ ඉතාමත් අවබෝධයෙනි. බුදුහිමි වැඩසිටි කාලයේ අප ජීවත් නොවන බවත් මේ වාහනය ධාවනය කිරීමට සිදු වී ඇති කාලය පිළිබඳ සිතිය යුතු කාලය එළඹ ඇත.

නිරුපද්‍රිතව භාරදීම කළ යුතුව ඇත. එහි වගකීම ඔබ සතුය. ඒ නිසා වාහනය හොඳ අවබෝධයෙන් ධාවනය කිරීමට බුදුහිමි මහත් උපදෙස් රාශියක් දී ඇත. ඔබ මෙහිදී ධාවනය කරනුයේ ඉතාමත් සිටින දුරකි. කටුක මාවතක් ඔස්සේ නිවන් දැකීමේ අරමුණ නිතර සිත තුළ රඳවා ගතහොත් සුන්දර පාරාදීසයක් පිළිබඳ ඔබ සිතනවානම් වාහනය බොහොම පිරිසිදුව ආබාධ රහිතව ගෙන යාමට ඔබට හැකිවෙනවා ඇත.

සිත සැදීමේ දහමක් ලෙස බුදු දහම පෙන්වා දිය හැකිය. නිවන පවතිනුයේ බොහෝ දුර නොව තමා ළඟ බව බුදුහිමි පෙන්වා දී ඇත. එමනිසා නිවීම ඇත්තේ තමා සතුවය. ඇස, කන, නාසය, දිව, ශරීරය ගිනිගෙන ඇත. නොසන්සුන්ව ඇත. සම දේ පසු පස දිවයයි. මෙය නතර කරන්න. ඉන්ද්‍රියන්ට නිවීම දෙන්න. එවිට ඔබට සැනසීම ලැබේ. නිවන යනු ඒ අවස්ථාවේ පහළ වන්නක් නොව ටිකෙන් ටික පියවරෙන් පියවර ළඟා විය යුතු තැනකි.

ඔබ සීලයෙන් මෙය ආරම්භ කරන්න ඔබ කුමන වයස් සීමාවක සිටියත් එයට කිසිදු බාධාවක් නැත. සීලයෙන් අවබෝධයෙන්් මේ මාර්ගයට බැස ගුණ ධර්ම ප‍්‍රගුණ කරන්න. බුදුහිමියන් දෙසූ එක ධර්ම කරුණකින් පවා මේ ගමන ඇරඹිය හැකිය. ඔබ නිවනට ටිකට් අරගෙන ඇත. අනුරාධපුරයට යාමට ටිකට් ගෙන දුම්රියට නැග ඇත්නම් ඒ ගැන නිතර සිතිය යුතු නැත. හික්කඩුව පහු කිරීමට වේවායී සිතිය යුතු නැත. දුම්රිය මාවත වැටී ඇත්තේ හික්කඩුව හරහාය ඔබ හොදින් දන්නවා ඇත. ඒ නිසා ඔබ නිවන් මගෙහි අවබෝධයෙන් යෑමට ප‍්‍රාර්ථනා කරන්න. පිරිස සමග සතුටින් වටපිට නරඹමින් ගමන යෑමට ප‍්‍රාර්ථනා කරන්න. ඔබ වර්තමානයේ ජීවත් වන්න. සජීවීව ජීවත්වන්න. බුදු දහම ඔබ සමග ඉන්නවා ඇත.

දවස ගතකර දවස අවසානයේ ඔබට අවංකව සතුටු විය හැකිනම් ඔබේ නිවීම ඔබ උදාකර ගෙන ඇත. මේ ජීවිතයෙන් නිවුනු මනසකින් මෙයින් සමුගත හැකිනම්. ඔබ මෙහි පැමිණියාට වඩා සාර්ථක කෙනෙකු ලෙස පිටවී යා හැකිය.

ධර්ම කරුණු පාලි වාක්‍ය ඔබ තුළට ගෙන යනවාට වඩා සරලව ඔබට යම් පණිවිඩයක් දීම සඳහා ගත් උත්සාහයකි. නිවන නැමති ගැඹුරු සංකල්පය කිසිසේත් අවතක්සේරු නොකළා යැයි සිතිය යුතුය.

සූත‍්‍ර හා අභිධර්ම කරුණු ගෙනහැර පෙන්වමින් ලිපිය සාරවත් කළත් එයින් වර්තමනයට කිසිසේත් ප‍්‍රායෝගික නොවන බවක් මා හට වැටහී ඇති. අනවබෝධය මිනිස් සිත්සතන් තුළ ඇති තාක්කල් මැණිකක් වුවත් කලූ ගලක් ලෙස දැකීම. නිතැතින්ම සිදුවේ. බෞද්ධයා නිරන්තරයෙන්ම අවබෝධයෙන් කටයුතු කරන්නෙකි. තමාගේ හුදු ලාභ ප‍්‍රයෝජනය සඳහා අපහසුවෙන් පෙර ආත්ම වලින් උපයා සපයා ගත් මුදලින් ලබා ගත් නිරවුල් ඉඩම පවා උකස් තබන බෞද්ධයන් අප අතර සිටින බවද අමතක නොකළ යුතුය. ඡීවිතය ඉතාම පහත් ක‍්‍රියාවක් සඳහා වුවද අනවබෝධය නිසා යෙදවීම දැකිය හැකිය. සමාජයේ තත්වය දෙස විමර්ශනශීලීව බැලීමේදී කනගාටුවක් හා සංවේගයක් පමණක් ජනිත වන බව පෙන්වා දිය හැකිය. බෞද්ධයන් ලෙසින් අප අවධිව වී  ඇති කාලයකි. නැතිනම් ත‍්‍රිපිටක පොත් අල්මාරි තුළ තේජාන්විතව වැඩ සිටිනවාට කිසිම සැකයක් නැත. අප දැනගතයුතුයි පොත්පත් වල සටහන් නොවූනත් අපි පරීක්ෂානොකළත් එය සදාතනික අකාලික ධර්මයකි. ධර්ම ග‍්‍රන්ථ අරමුණු කර පොත්පත් වල සටහන් කළ පමණින් අපේ යුතුකම ඉටුවූවා යැයි නොසිතිය යුතුය. එහි නියම ඵලය ලැබීමට නම් එහි අඩංගු කරුණු ප‍්‍රායෝගිකව ක‍්‍රියාත්මක කළ යුතුය. බුදුදහම යනු ප‍්‍රායෝගික ක‍්‍රියාදාමයක සුළු ඵලයකි. ඉඩම නිරවුල් වුවත් වැට ඉදිකිරීම පොළොව සකස් කිරීම ප‍්‍රඥා බීජයන් පැළ කිරීම කළ යුත්තේ ප‍්‍රායෝගික ක‍්‍රියාකාරකම් තුළය. පොත්පත් වල තිබෙන දෙයක් නොවන බවත් මුඛපරම්පරාවෙන් රැුගෙන ධර්මය ජීවමාන බවකින් බෞද්ධයා ජීවමාන කළ බවත් පෙර යුගවල දැකිය සීල, සමාධි, ප‍්‍රඥාව සහ නිවැරදි මාර්ගයට ප‍්‍රවේශ වෙමින් උතුම් නිවන් සැපත ලබා ගැනීම බෞද්ධ වන අප කාටත් අවධි විය යුතු කාලයකි.

සියලූ ධර්ම කරුණු භෞතිකය අභිබවා ගිය අධ්‍යාත්මික සංකල්ප තුළ ගොඩනැගී ඇත. ලෞකික සැපත්හිම ඇලී ගැලී වෙලී පැටලී මුලාවී මුසපත් වී සිටින අයහට අලෞකික නිවනක් ගැන කොතෙක් නිවන් තේරුම් නොගනු ඇත. නිවන ගැන තේරුම් කරවීම එතරම් දුෂ්කර වනුයේ එය පරම සැපයක් වුවද ලෝකෝත්තර – ලොවින් එතර වූ අවේදයික – ඵස්ස පච්චයා වේදනා නම් වූ ඇතිවන නැතිවන විදිහ සුළු තාවකාලික සැපයක් නොවන බැවිණි.

සිතේ පවතින සියලූ කෙලෙස් විෂ කෙලෙස් ගිනි කෙලෙස් බාධක කෙලෙස් දොස් සංසිඳී පවතීද එය අප සැම පතන නිර්වාන ධාතුවය. එයට වඩා සෙවිය යුතු ලාභයක් හෝ කැමති විය යුතු ධනයක් හෝ සෙවිය යුතු පිහිට හෝ මේ එක් තිස් භූමිකයෙහිම කොතනකවත් නැත්තේය.

බුද්ධ ශාසනයෙහි දැක්වෙන ප‍්‍රතිපත්ති මාර්ගයේ අවසාන ප‍්‍රතිඵලය නිවනයි. මෙය නිර්වචනය කිරීම නිශ්ඵල වී ඇත. ඊට හේතුව නිවන වචන වලින් විස්තර කළ හැකි දෙයක් නොවීමයි. එය හරි දැක්ම පෙරටුකොට අවබෝධ ඥානයෙන්ම දතයුතු නිසාය. ,නිවන, තර්කට විෂය නොවේ. නිවන ලොකෝත්තර හා අධ්‍යාත්මික තත්වයකි. තර්කයට විෂය වනුයේ ලෞකික සිතුම් පමණකි.

තථාගත සම්මා සම්බුදු රජානන් වහන්සේ ලෝ සතුනට මහා කරුණාවෙන් පහදා වදාළ ශාන්ත නිවන් සැපත වනාහි අති සුපරිසුද්ධ ගාම්භීර ධර්මයකි.

මිනිසාගේ අධ්‍යාත්මයේ පවතින ප‍්‍රබල අකුසල සිත් තුනකි. රාග, දෝෂ, මෝහ වශයෙන් පෙන්වා දියහැකිය. එක් අවස්ථාවකදී බුදු හිමි මෙසේ පෙන්වා දී ඇත. ,ඇවැත්නි, නිර්වාණය නිර්වාණය යැයි කියනු ලැබේ. ඇවැත්නි නිර්වාණය නම් කුමක්ද ඇවැත්නි රා දෝෂ මෝහ ක්ෂය කිරීමක් වෙත්ද එයට නිර්වාණය යැයි කියනු ලැබේ යයි බුදු හිමි පෙන්වා දී ඇත.

රාග, දෝෂ, මෝහ යන ඒවායෙන් ඉන්ද්‍රිය පස මුලාවට පත්වී ඇත. එයින් නිදහස් වීම නිවීම ලෙස පෙන්වා දී ඇත. අප විසින් සංසාරය තුල එකතු කර ගෙන එන්නාවූ අකුසල චේතනා සිත තුළින් ඉවත්කර දැමීම සඳහා බුදු හිමි නිවැරදි මාවතක් පෙන්වා දී ඇත. එහිදී සීලයෙන් අරබා ප‍්‍රඥාවෙන් කෙලවර කළ යුතුය.

අධ්‍යාත්මික සංකල්පය අවධිකළ යුතු යුගයක් වශයෙන් මෙය පෙන්වා දිය හැක. පුද්ගල සන්තානයේ පවතින අධ්‍යාත්මික තත්වය අපිරිසිදු කිරීමට රාග, දෝෂ, මෝහ සිතිවිලි වලට සිදුකළ හැකිය. භෞතික සංකල්ප ජයග‍්‍රහණය සිදු කිරීමට වඩා පිරිසිදු ආධ්‍යාත්මයේ පාරිශුද්ධිය වන නිවන වසාගත් ඉහත සිතුවිලි ඉවත් කර උතුම් වූ පරම සැපත පෙන්වා දීමට බුදු හිමි මාර්ගය පෙන්වා දී ඇත.

ආධ්‍යාත්මය මත සමස්ත භෞතිකය රඳා පවතී. ආධ්‍යාත්මික තත්වය බිඳ වැටීමෙන් සමස්ත භෞතිකය කඩා වැටෙනවා ඇත. අපර අමරණීය වූ නිවන් දැකීම අධ්‍යාත්මික සංකල්පයකින් හෙබි වූ නිවන ලබා ගැනීම මිනිසා විසින් ලබා ගතහැකි උතුම්ම සම්පත වන්නේය.

ආධ්‍යාත්මික විද්‍යාවක් ඔස්සේ නිවන යන සංකල්පය දෙස බැලීම 2500න් පසු සිදු විය යුත්තක් ලෙස මාහට හැඟීයයි. භෞතික ලෝකයේ උදාහරණ පෙන්වා දීම හොඳටම ඇති බව පෙනේ. අලූත් මාවතකට පිවිසීමේ කාලය උදාවෙමින් පවතී. බෞද්ධ අපට නීවරණ ධර්ම 5 පිළිබඳවත් කෙලෙස් 1500 තේරුම් ගැනීමේ ගමන් මාවත විවෘත කර ආධ්‍යාත්මික විද්‍යා නවතම මගක් ඔස්සේ පියවර මැනීම සිදු විය යුතු කාලය උදාවී ඇත.

සිත දවන තවන ස්වභාවය ඇති බැවින් ,ගිනි, ලෙස රාග දෝෂ මෝහ ආදී කෙලෙස් ගිනි ශාන්ත නිවන් සැපත කරණ කොටගෙන නිවා දමන්නේය යන අර්ථයෙන් නිර්වාණය කිව හැක.

,ලෝකතෝ උත්තරතීත ලෝකුත්තරෝ, කාම, රූප, අරූප යන ලෝකත‍්‍රයෙන්ද සකල දුක්ඛ ලෝකයෙන්ම ද සකල ක්ලේශ ලෝකයෙන්ද එතෙර වූ අර්ථයෙන් ලොකෝත්තර නම් වේ. අධ්‍යාත්මය පිරිසිදු කර ගැනීම එනම් නිවන් සුව අවබෝධ කර ගැනීමට බව දත යුතුය.

සත්වයන් පුද්ගලයන් පරමාර්ථ වශයෙන් නැතත් ව්‍යවහාරික ලෙස දැකිය හැකි වුවත් අධ්‍යාත්මික සංකල්පය තුළ පුද්ගලයන් සත්වයන් සැරිසරන බවද එහි පැටලී ඇතිබවත් එයින් නිදහස්වීම නිවීම ලෙස වටහා ගත යුතුය.

උදාන පාලියේ පඨම නිබ්බාන සූත‍්‍රයෙහි කියූ ආකාරයට නිවන යනු කුමක්ද යන්න පැහැදිලි කර ගැනීම වැදගත් කොට සලකමි මහණෙනි. මම මේ නිවන එන තැනක් යයි නොම වදාරමි. එසේම යන තැනක් යයිද සිටින තැනක් යයිද චුතවන තැනක් දැයි මතු උපදින තැනක් යයිද නොම වදාරමි. එය සංස්කාරයන්ගේ නැවත නැවත ඉපදීම වශයෙන් පැවැත්මක් නැති ස්වභාවයක්මය. එය නාම ධර්මයන් වුවද චිත්ත චෛතසිකයන් සේ රූපාදී අරමුණු ගැනීමක් නොකරන ධර්මයක්ය. සකල දුක්කයන්ගෙන්ම අන්තය. කෙලවර ඒ ශාන්ත නිර්වාණ ධර්මයයි. තතාගතයන් වහන්සේ පහදා වදාළහ. ජාති, ජරා, ව්‍යාධි, මරණ, සෝක රහිත වූ කාමයන්ගෙන් හා ක්‍රෝධයන්ගෙන් කිලිටි වීමක් නැති තෘෂ්ණා බැමි මෙන් මිදුනු උතුම් තත්වයකි.

ගා/බටේමුල්ල ජාතික පාසලේ ක‍්‍රීඩා උපදේශක
ත‍්‍රිපිටක ධර්මවේදී
අභිධර්මාචාර්ය ශාස්ත‍්‍රවේදී
අජිත් කුමාර මයා.
(බටේමුල්ල ජාතික පාසලේ අනුශාසක)

Published in: on ජූනි 6, 2010 at 10:54 පෙ.ව.  ප්‍රතිචාර (4)  
Tags: , , , , ,

The URI to TrackBack this entry is: http://rcgbs.wordpress.com/2010/06/06/01/trackback/

මෙම ලිපියේ ප්‍රතිචාර සඳහා RSS පෝෂකය

ප්‍රතිචාර 4ප්‍රතිචාරයක් ලබාදෙන්න

  1. hmmm gud it depicts a greater meaning

  2. මෙන්න පිළිතුරු

    වෙබ් අඩවියේ සංස්කාරකවරු ලෙස අපට එවූ ප‍්‍රතිචාර වලට පිළිතුරු දීමට මෙතරම් ප‍්‍රමාද වූයේ ඇයිදැයි ඔබ සිතනු ඇත. එයට පිළිතුර නම් ඔබට තරම් හදිස්සියක් අපට නැති බවයි . ආධ්‍යාත්මික ලොවට පෑයූ විද්‍යාවේ හිරු මඬල වන මහා වීර සම්බුදු රාජෝත්තමයාණන්ගේ මර රුපු අමා විද්‍යාව සුදුසු මොහොතේදී පිපිරුමට ලක් වීම විශ්ව ධර්මතාවයි . එකිනෙකාගේ බුද්ධි මට්ටම් විවිධ බව අපි දනිමු . තවදුරටත් පහදන්නේ නම් එකිනෙකාගේ ශ‍්‍රද්ධා වීර්ය සති සමාධි ප‍්‍රඥා ශක්තීන් , පාරමී ශක්තීන් වෙනස්ය . සමාන වූ පංච උපාදානස්කන්ධ නැත .
    අපි සෑම තත්පරයක් තත්පරයක් පාසාම මිනිසුන් හෙවත් අනෙකා හඳුනාගන්නෙමු . කෙනෙකු පාවිච්චි කරනු ලබන වචන මඟින් එම කෙනාගේ ගුණාත්මක බව දැන ගත හැක . එය වෙබ් අවකාශයකට පමණක් අසාධාරණ විය නොහේ .
    විද්‍යාව හා බුදුදහම අතර ඇති සබඳතාව විමසීම වනාහී ආධ්‍යාත්මික ජිවිතයට කිසිඳු ප‍්‍රයෝජනයක් ගෙන දෙන්නක් නොවේ . එය වනාහී දාර්ශනික ප‍්‍රපංචයකි . ඥාණ මණ්ඩලයේ පෘථූලත්ත්වයට එය වැදගත් වේ . ලාංකේය දාර්ශනික සංවාදයන්ගේ ඉතිහාසය අපට පිළිතුරු එවූ හිතවතුන්ගේ බුද්ධ්‍යුත්තේජනය පිණිස මෙසේ සැකෙවින් මතක් කරමු .
    1 භික්ෂූන් රැුකගත් බුද්ධිමය සම්ප‍්‍රදාය
    වල්පොල රාහුල හිමි රේරුකානේ චන්දවිමල හිමි බලන්ගොඩ ආනන්ද මෛත‍්‍රය හිමි ඩබ් එස් කරුණාරත්න කේ එන් ජයතිලක කටුකුරුන්දේ ඤාණානන්ද හිමි
    2 විද්‍යාව හා බුදුදම සම්බන්ධ කළ සම්ප‍්‍රදාය
    චන්දන ජයරත්න ෙඡ් කේපී ආරියරත්න ග‍්‍රැන්විල් ධර්මවර්ධන පිටි¥වේ සිරිධම්ම හිමි සුසන්ත ගුණතිලක අර්ජුන ද සොයිසා
    ජාතික චින්තන සංවාදය
    ගුණදාස අමරසේකර නලින් ද සිල්වා චම්පික රණවක
    4 විද්‍යාවේ දාර්ශනික බව ගැන සම්ප‍්‍රදාය
    නලින්ද සිල්වා හා චම්පික රණවක යන අයගේ පුවත්පත් සංවාදය ඔවුන්ගේ අනුගාමිකයන් අතර පාරේදී සිදුවන ගුටිබැට හුවමාරු කිරිම් දක්වා දුර දිග යන ලදී
    5ට්‍රොට්ස්කිවාදී කලා විචාර
    ලාංකේය වාමාංශිකය චීන , රුසියන් න්‍යාය අර්බුදය නිසා බෙදිණ. තවද සුචරිත ගම්ලත් වරෙක සරත්චන්ද්‍ර කුලකයට පහර දුන් අතරැු පසුව ඒ හා එක් විය .කීර්ති බාලසූරිය පියසීලි විෙඡ්ගුණසිංහ මෙහිදී විශේෂ වැඩ කොටසක් කරන ලදී . වික‍්‍රමබාහු කරුණාරත්න මාක්ස්වාදයට , බුදුදම ෆ්‍රොයිඞ් ඩෙරීඩා ලකාන් ෆුකෝ සම්බන්ධ කර ගති .
    6 නිව්ටන් ගුණසිංහ අන්තෝනියෝ ග‍්‍රාමිස්චි හරහා ඇති කළ දෑ
    7 කේ එන් ඕ ධර්මදාස වැන්නන් ඉතිහාසතරනය සම්බන්ධව ඇති කළ සම්ප‍්‍රදාය
    8 ගනනාථ ඔබේසේකර තම්බයියා වැන්නවුන් මානව දි්‍යාව හා සමාජ විද්‍යාව ඇසුරෙන් කළ සංවාද
    9 ඒ ඞී පී කලන්සූරිය ලොව අවසාන දාර්හනිකයා ලෙෂ වින්ගස්ටයින් දැක්වීම
    10 ඩෙස්මන් මල්ලිකාරච්චි මාක්ස්මය මානවවාදය ගැන ඇති කළ කථා
    11 එස් බී ඞී සිල්වා ලංකා ගොවිතැන ගැන ඇති කළ ප‍්‍රවාදය
    12මහායාන තන්ත‍්‍රයාන අදහස් ගැන ඩබ් එම් ගුණතිලක ගුණපාල ධර්මසිරි වැන්නවුන් ඇති කළ වාද
    13 සෝමරත්න බාලසූරිය සාංදෘෂ්ටිකවාදය ගැන ලියූ දෑ
    14 දයාන් ජයතිලකගේ දේශපාලන කියැවිම
    15 ජනප‍්‍රිය සංස්කෘතිය පිළිබඳ අදහස්
    16 පශ්චාද් නව්‍යවාදී ප‍්‍රවාද
    රොහාන් හා දීප්ති මෙහි ප‍්‍රමුඛ විය
    17 දයලෙක්කිත භෞතිකය ඇතුළු භෞතිකවාදය හා භෞතික විද්‍යාව අතර සබඳතාව ගැන නලින් ද සිල්වා පෙරදිග සුළං හා සමාජවාදී ශීෂ්‍ය සංගමය අතර ඇති වූ සංවාදය
    මෙයට අමතරව කොවුර් වැන්නවුන්ගේ හේතූවාදී සංගම් ආදියත් විය
    මේ සියලූ ප‍්‍රවාද හා ප‍්‍රපංච බුද්ධිකලම්භිත දාර්ශනික දැනුමන්ය . ඉන්ද්‍රීය ප‍්‍රත්‍යක්ෂයන්ය .
    මේවාට එක්වූ නවතම සංවාදයක් ලෙස අපි අපේ වෙබ් අවකාශයම අපි විසින්ම හඳුන්වමු .
    ඉසබ්රහ1001011 පද්දා සිය්ර්ථ භමඅ්බ ණමප්ර් කොලූ මුදිත න්‍ැය්බ ීඑර්අඉැරරහණසිි ්චචමය්පස න්මිය්කහ් ඨමරමාැබසහ් ්ි්බන් ඍසඑසට්ක් න්‍්හ්ිැබ් ඩසචමක එඑමහමමහ ජය්රකැි ා්රඅසබ001ිමවැැඅ් ගලපාෙගා ඇට මැස්සා ඨ්බැිය මාසඑහය්
    යන පින්වත් උපාසක මහත්වරු අපේ සංවාදය ෆීඞ් බැක් කර තිබිණ. ඒ සැමගේ හා අලූතෙන් මේ සංවාදයට එක්වන සැමගේ දැනුම පිණිස ලියන ලිපි මාලාවක පළමුවැන්න මෙයයි
    මෙන්න පිළිතුරු
    නූතන විද්‍යාවේ සියල් කරුණූ ඉන්ද්‍රීය ප‍්‍රත්‍යක්ෂ වේ. පරිගණකයද එසේය. නුවන් තුළ ඇති වැරැුදි අවබෝධය නම් කර්ම පුනර්භව ආදී ප‍්‍රපංච අතින්ද්‍රීය ප‍්‍රත්‍යක්ෂ බවයි. නුවන් මහතාගේ අවබෝධයට මෙම වගුව දක්වමු .
    විද්‍යාව බුදුදහම
    හේතුඵල න්‍ා්‍යායකි ධර්මතාවකි
    ප‍්‍රත්‍යක්ෂ ඉන්ද්‍රිය අතින්ද්‍රිය
    පදනම අනාර්ය ආර්ය
    දැක්ම ලෞකික ලෝකෝත්තර
    පර්යේෂණාගාරය භෞතිකය ආධ්‍යාත්මිකය
    උපකරණය විද්‍යාවෙන් උපන් තාක්ෂණය නැණැසෙන් උපන් ප‍්‍රඥාව
    ඇටවුම කය මනස
    න්‍යාය පංචේන්ද්‍රිය යථාවබෝධය
    වලංගුතාව කාලය හා අවකාශයට යටත්ය කාලය හා අවකාශය ඉක්මවාලයි
    අවසානය නිර්මාණය නිර්මාණය

    නිගමනය ඃ විද්‍යාවෙන් බුදුදහම විග‍්‍රහ කළ නොහැක.
    බුදුදහමෙන් විද්‍යාව විග‍්‍රහ කළ හැක.

    කුමාර ප‍්‍රතිශත ගැන කථා තරයි . දහම් මැණික බටහිර වේදය හා සැසඳුම තුළ ගණිත විද්‍යාවෙන් කථා කරද්දී ප‍්‍රතිශත නොමැතුව පාවිච්චි කරනුයේ මොනවාද ? මෙම ලිපිය හරියට කියවන්න. බුදු විදු දම් සම කළ නොහැකි බව එහි අන්තර්ගතව ඇත.
    ඇත්ත අපට අපේ මත තිබිය නොහැක. නිරපේක්ෂ බුදු මතය පරමයයි . නමුත් හිතවත නිරපේක්ෂ දහම අප කියන්නේ සාපේක්ෂ ලොවකටය. එකල බුදු හිමි ගත් උදාහරණ කලට සාපේක්ෂ විය. අදට සරිලන ලෙස උදාහරණ ගැනුම බුදු දමට පහර ගැසීමක් නොව බැබළවීමකි . උදාහරණයක් ලෙස බුදු හිමි පරණ බඳුන් වලට අලූත් වයින් වක් කළා සේ එකල සමාජ වාග්කෝෂයට නව අරුත් දුන්නේය. උදාහරණයක් ලෙස බමුණන් ග‍්‍රන්ථ තුනක් ත‍්‍රිවේදය ලෙස හඳුන්වද්දි බුදු හිමි අභිඤා තුනක් ත‍්‍රිවේදය ලෙස හඳුන්වන ලද.ී බුදු දම අවබෝධ කර ගැනුමට කැමැති තෙකා සාම්ප‍්‍රදායික නොවිය යුතුය . විප්ලවීය විය යුතුය. මහා වීරයා අනුගමනය කළ යුතුය.
    කොලූ අපෙන් ප‍්‍රශ්න විමසා නොතිබිණ. එහෙත් මෙය එතුමා ලාංකේය වෙබ් අවකාශයේ කියවූ භයානකම වෙබ් ලියමන යැයි සඳහන් කර තිබිණ . හිතවත ඔබ නිදොස් නම් බිය වන්නේ කුමටද?
    සැමගේම දැනුමට ලක්විය යුත්තේ මෙම වෙබ් අඩවිය පාසලක වෙබ් අඩවියක් නොව, ස්වාධීන එකක් බවයි . එහෙත් පාසලක බෞද්ධ සංගමයක නව නිර්මාණාත්මක පියවරකින් මෙය ආරම්භ කළෙම.ු එහි අදහස මෙම වෙබ් අඩවිය එක් පාසලක එක් සංගමයකට සීමා වූවක් නොවන බවයි. රිච්මන්ඞ් ආදි විද්‍යාර්ථීතුමාටද කිව යුත්තේ මෙයයි . අදහස් දහසක් ගැටෙන තැන සොªරු බවත් එය වනාහී රිච්මන්ඞ්වරුන්ගේ නිර්මාණශීලී දහමේ රහස බවත් මතකයට නඟා ගනු මැනැවි .
    අති දක්ෂයන් හැප්පෙන විට අලූත් දෑ බිහි වෙයි . අපේ ආදි සිසුවා කියන්නේ අපට එකතැන පල්වෙන ලෙසද? මෙම වෙබ් අඩවියේ තිඹිරි ගෙය රිච්මන්ඞ් විද්‍යාලයයි . මෙය පෝෂණය වූයේ එහිමය. නමුත් මෙය ගැටෙන්නේ එම සංස්කෘතිය තුළ නොව , එම සංස්කෘතියද අයත් සමාජයේය. නමුත් එමඟින් එම සංස්කෘතිය මටසිළුටු වනු ඇත . ඔප මට්ටම් වනු ඇත . එයයි විය යුත්ත . (මෙම අවකාශයේ සංස්කාරකවරු තිදෙනාගෙන් රිච්මන්ඞ් ආදි ශීෂ්‍යයන් වන්නේ දෙදෙනෙකු පමණි . ප‍්‍රතිශතයක් ලෙස ගත් කල මෙහි සංස්කරණයේදී තුනෙන් එකක් සිදු වන්නේ වෙනත් පාසල් සංස්කෘතියක අයෙකු අතිනි *
    පරිණාමවාදය ගැඹූරු නිසා පසුව කථා කරමු .
    මුදිත මෙහි විද්‍යාව වැරැුදි බවත් සමාජ හා ශුද්ධ – ස්වභාවික විද්‍යා පටලවාගත්තක් බවත් කියයි . මෙ ලියන්නේ විද්‍යාඥයෙකු නොවේ . එනිසා එහි වැරැුදි පෙනවා නිවැරැුදි කරන ලෙසට විද්‍යාවේ කෙළ පැමිණ ඇතැයි සිතිය හැකි ඹබට ආරාධනා කරමු .
    ජෙහාන්ට අපි එක් වෙමු . විඡ්ජා යන්න සයන්ස් වලට පෙරළා සයන්ස් යන්න විද්‍යාව ලෙස හෙළුවට පෙරැුළුම නිසා මෙ දොස ඇතිව තිබේ . එහෙත් මෙම සංගමයේ පසුගිය දේශන දිනයකදී සයන්ස් යන්නට නව වදනක් නිර්මාණය විය . ඒ සොයුවයි ඒ අනුව රසායන විද්‍යාව යන්නට රසායන සොයුව ලෙස අපට අවැසි නම් භාවිත කළ හැක. (කියවන්න 2010 අගෝස්තු 01 සිළුමිණ පුන්කලස*
    ස්ට්‍රෝබෙරිකිස්ට කිවයුත්තේ ආධ්‍යාත්මික ශක්තිය පදාර්ඡුයේ සෑම අවස්ථාවකදීම ක‍්‍රියාත්මක වන බවය.ි ඔබට අවැසි නම් ඒ ගැන කළ හැකි විද්‍යාත්මක පරීක්ෂණයක්ද එවිය හැක. එය කළහොත් පරමාණුව බවා දැක ගක හැකි වනු ඇත. අවැසි නම් ඉල්ලා හිටින්න.
    අප්පුහාමි විද්‍යාවේ සැඟවුණු බුදු දමත් බුදු දමේ සැඟවුණු විද්‍යාවත් ගැන සෙව්වානම් හොඳයි නේද?
    කෙනෙකුගේ උපාධි විභාග ආදියෙන් ඒ කෙනාගේ බුද්ධිය තීරණය නොකරනු මැන රිටිගල හෙළයාණෙනි.
    නිර්ආගමික රිටිගල මිතුරා කියනු ලබන කුමන්ත‍්‍රණයේ එතුමාද කොටස්කරුවෙකු වී දැයි සැක සිතේ .බෞද්ධ තලිබානයක් ගැන කථනයට පෙර බෞද්ධ යන්නේ මූලධර්මය තේරුම් ගන්න. බෞද්ධ යන වචනය බුදු වදනක් නොවන බව ඔබ නොදන්නේද? . හැකි නම් බෞද්ධ යන වචනයට පාලි වචනයක් ත‍්‍රිපිටකයෙන් පෙන්න්න .බෞද්ධ කිතුණු ආදී සාංස්කෘතික භේද සම්මුති වේ . මහායාන හීනයාන සෙන් වජ‍්‍ර්‍යාන ආදී ලෙස බොදු සංස්කෘතිම කීයක් ඇද්ද ? මේ සංස්කෘති අතර තරගයේදී බටහිර විද්‍යා සංස්කෘතිය ලොව පුරා ව්‍යාප්ත වේ . බෞද්ධයෙක් නැත . ඇත්තේ නිවන් මග යන හෝ නොයන්නෝ පමණි .
    ඇටමැස්සාද තවත් පරිණාමය වූවානම් හොඳය .
    අපි පිළිතුරු දුන් පින්වතුන් අපටත් පිළිතුරු දිය යුතුය .අදහස් දැක්වීමෙන් වළකිමි යන ආඳාමය ප‍්‍රකාශය නොකළ යුතුය . කෙනෙක් අදහස් දැක්විමෙන් වළකිමි යන ප‍්‍රකාශය කරනුයේ , ඔව් යන පිළිතුර දීමට ලඡ්ජාවක් ඇති වූ විටය . එහෙත් අපේ වෙබ් අවකාශය ලඡ්ජාවෙන් යුතු උන්ට විවෘත වීම තුළ එහි කොලිටි එක ගැන ප‍්‍රශ්නයක් ුඇති විය හැක. ලඡ්ජාව යනුද ක්ලේශයකි .ලඡ්ජා බිය නැති වීමට රහත් විය යුතුය . එනිසා අපිත් එක්ක ෆේස් ටු ෆේස් හැප්පෙන්න .
    දැන් අපි අජිත් මහතා අමතක කොට අපේ සංවාදය හරහා සෘජු සටනකට පිවිසෙමු .
    ආධ්‍යාත්මය තේරුම් රැුත් කෙනා විශ්ව ශක්තිය සමඟ සම්බන්ධ වූවෙකි . පහනක් පත්තු කොට විශ්ව ශක්තිය මාර්ගයෙන් යමක් සිදු කර ගැනීම බටහිර විද්‍යාවට අනුව පැහැදිලි කළ හැක්කෙක් සිටීනම් වහාම ඉදිරිපත් වනු මැන .
    පළමුව ඇති වුණේ කිකිළිද ? බිත්තරයද?
    පරිණාමවාදය ඇත්තද ?
    ලෝකයේ චින්තන වර්ග දෙකකි . රේඛීය හා චක‍්‍රීය ලෙසය . බටහිර විද්‍යාව රේඛීය චින්තනයකි . එනිසා මේ දෙකෙන් එකක් පෙර පසු විය යුතුය . නමුත් පෙරදිග චින්තනය එයට වඩා පෘථූලය. දියුණුය . බටහිර මනෝවේදය හඳුනා ගත්තේ උඩු හා යටි හිත් පමණි . නමත් අභිධර්මයේ හිත් 17 ක් ඇත .
    නලින්ද සිල්වාට අනුව සිංහළ බෞද්ධ පරිණාමවාදයක් ගොඩනැඟිය යුතුය . අපි මෙම වෙබ් අඩවියෙන් නව ප‍්‍රවාදයක් විවෘතව ගොඩනඟමු .
    එයට අපි නමක් තබා ගනිමු . එය වනාහී විපරිණාමවාදයයි . ඒ නම දැමීමට හේතුව මෙතෙක් ඇති සියල්වාද තුලනය වූයේ පරිණාම වෙමිනි . අපි එම කාලීන චින්තනයෙන් මිදෙමු .
    බුදු දම අග්ගගඤ්ඤ සූත‍්‍රය තුළින් ඉදිරිපත් කරන දැක්ම සමඟ සසඳමින් ඉදිරියට යමු .
    මිනිසා ඇතළුු සතුන්ගේ පරිණාමය අපි භෞතික ප‍්‍රජනන ක‍්‍රියාවලිය තුළ කිරීක්ෂණය කළද, එහි ඇති අඩුව මෙයයි . මිනිසුන් දහ දෙනෙක් ගන්න . එම දහ දෙනා භෞතික ප‍්‍රජනනය තුළ මිනිසුන් ලෙස බිහි වූ බව ඇත්තකි . නමුත් පෙර භවයේදී ඒ දහ දෙනා දෙවියෙක් , බ‍්‍රහ්මයෙක් , මිනිසෙක් , තිරිසනෙත් ,පේ‍්‍රතයෙක් විය හැක. එසේ නම් එතැන ඇති පරිණාමයක් නැත .
    භෞතික ශරීරයක් බිහි වුණද ශුක‍්‍රාණුවේ හෝ ඩිම්බයේ හිත නොතිබිණ. එසේ නම් හිත ආවේ කොහෙන්ද? එය දෙවියන් වහන්සේ මැවූවක්ද?
    අනෙක් අතට බුදු දහමට අනුව උපත් විධි හතරකි. එනිසා මෙය පරිණාමයට අනුව සිදුවන්නක් නොව පටිච්ච සමුප්පාදයේ භව පච්චයා ජාති අනුව සිදුවන්කි .
    හිතේ , සත්ත්වයාගේ හෝ විශ්වයේ මුල ගැන බුදුවරු කථා නොවෙති . හේතුව, අවිද්‍යා තණ්හා සහිත සතුන්ට ඒ නොපෙනෙන හෙයිනි . එය සෙව්වොත් හිත උමතු වේ. එනිසා මුගලන් හිමි නතර වූ තැනින් ආරම්භ කරන්නට කවරෙකු හෝ යන්නේද ඒ ගැන කීම නොව හිතුම පවා නිසරුය .
    අද වරද්දා ඇත්තේ කිකිළි හා බිත්තරය දෙකක් ලෙස ගැනීමෙනි . එය එකක් හෝ දෙකක් නොවේ . එසේ නැත්නම් තෙවැන්නෙක් මෙහි සිටීද? නැත . එක දෙක හෝ තුන නැති තැන, වෙනත් ධන හෝ ඍණ අගයක් දැක්වීම නිසරුය . එනිසා බින්දුවට ඒමට සිදු වේ . බින්දුව නම් ශුන්‍යයි . එනම් නිවනයි . නිවන අනන්තය හෝ අනන්තය නොවීම හෝ ඒ අතරත් නොවීම හෝ ස්පර්ශ නොකරයි .
    පළමුව තිකිළි ඇති වූ බව පංච උපාදානස්කන්ධය ඇසුරෙන්ද ඹප්පු කර පෙන්විය හැක. අපගේ දෙවන පිළිතුර හරහා එය මතු කර දැක්වීමට බලාපොරොත්තු වෙමු.

    නිවැරැුදි බුදු දම මාර්ග ඵලාවබෝධයයි
    ඒ ගැන කථා කරන්නෝ දුලභය . එනිසා අපට ලිපි එවන අයට පරිශීලනයට සුදුසු මූලාශ‍්‍ර මෙසේ නිර්දේශ කරමු . ඔබ දන්නා තවත් එවන් මූලාශ‍්‍ර ඇතොත් ඒවා අපට දැනුම් දෙන්න . එහෙත් මඟ ඵල ලාභීන්යැයි කියාගන්නා බොරුකාරයන්ට අපේ වෙබය තුළ ඉඩක් නැත .
    බොරලන්දේ සුබෝධා මෙහෙණිය
    වහරක අභයරතනාලංකාර හිමි නා උයනේ අරියධම්ම හිමි
    කොස්වත්තේ අරිය විමල හිමි
    වතුරුගම නන්දසිරි හිමි
    කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි
    කටුකුරුන්දේ ඤාණානන්ද හිමි
    පයාගල නන්ද හිමි
    දංකන්දේ ධම්මරතන හිමි
    මඩවල උපාලි හිමි
    පිටි¥වේ සිරිධම්ම හිමි
    ගලිගමුවේ ඤාණදීප හිමි
    අජාන් චා හිමි
    බෙල්ලන ඤාණවිමල හිමි
    නිලන්ත හෙට්ටිගේ
    දයාරත්න රණසිංහ
    සතන්දේව මුරුතැන්හේවා
    සැබැවින්ම දක්වතොත් මාර්ගඵල අවබෝධ නොකළ කිසිම ගිහියෙකු හෝ පැවිද්දෙක බෞද්ධයෙකු (අරි සව්වෙකු * නොවේ . අන්ධ බාල පෘථග්ජනයන් දුරින්ම දුරු කළ යුතුය . අපි එය ධර්මානුකූලව කරගෙන යන්නෙමු .
    මේ කරුණු හොඳින් අධ්‍යනය කොට අපිත් එක්ක සටනට එනු . අප ආදරය කරන්නේ සටන් වදින්නන්ට මිස බියෙන් මුළුගැන්වෙන්නන්ට නොවේ . සටනෙක් වෙතොත් ජය පැරදුම හෝ සම බව හිමිය . සහෘදයනි , ජය පැරදුම හෝ සම බව අපි බෙදා ගනිමු . එහෙත් මෙම විවෘත අභියෝගයට බිය වන්නන්ට තෝරා ගැනුමට ඇත්තේ එක් විකල්පයකි . ඒ අපේ වෙබ් එක හැක් කිරීමයි . එලෙසද කරන ලෙසද අපි අභියෝග කරමු . මක් නිසාද යත් ධර්මය රකින්නා ධර්මය විසින්ම ආරක්ෂා කරන හෙයිනි . එය කවර කාලාවකාශයකදී වුව අකාභියෝගිතය . වෙබ් අවකාශය වනාහිද අනිච්ච – දුක්ඛ – අනත්තවූවකි . අපි එය පවා භාවිත කරනුයේ අපි තවමත් රහත් නොවූ නිසාය .
    පිළිතුරු අවසන් නැත. මෙය අනතුරු ඇඟවීමක් පමණි.
    KAZ +AERO TNT + HANS = සංස්කාරකවරු

  3. [...] විද්‍යාවේ අධ්‍යාත්මය – අභිධර්මාචාර… June 2010 3 comments and 1 Like on WordPress.com, Published in: [...]


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.