විද්‍යාවට පැරදෙන මාරයා – පූජ්‍යපාද වහරක අභයරතනාලංකාර හිමි

මාරයා කිව් සැනින් කොයි කවුරුත් බියට පත්වන නමුත් මේ පිළිබඳව අද පැටළිලි සහගත තත්වයක් උද්ගතව ඇති මාරයා යන් මනස්කල්පිතයක් හෝ බොරුවක් සේ සිතන අය අද බොහෝයි. එහෙත් අපට  ඕව විසියට තීරණය නොකර බද්ධ දේශනාවන් සිහිපත් කර කරුණු වටහා ගැනීම ඥානගෝචරයි බුද්ධ දේශනාව  අනුව මාරයෝ පස් දෙනෙකි. ඒ කරම මාරක්ලේෂ මාර මුච්චු මාර හා දේව පුත‍්‍ර මාර වශයෙනි. මේ මාර ධර්ම සියල්ලම දුක් ආදීනව වශයෙන් මූලික හේතු ලෙස සිහිකර ඒවා දුරු කළ යුතු නිසා යකුන් රකුසන් සේ බෞද්ධ සාහිත්‍ය ග‍්‍රන්ථවල භයානක ලෙස පෙන්වා ඇත. ඒවා එසේ භයානක වන්නේ සංසාර දුකට හේතුවන නිසා බව තේරුම් ගත යුතුය. මේ සම්බන්ධයෙන් යථාර්ථය නොදත් තේරුම්ගත නොහැකිව මුලාවට පත්වනු ඇත.

ලෝ සතුන් සසර සැරි සරන්නේ අවිද්‍යා තෘෂ්ණා මුලාසහගතවයි. එම නිසා ඔවුන් මේ සියලූ මාරයන්ට ආදරය කරනු ඇති. දුටු දුටු තැන ආසාවෙන් වෙලෙනු ඇත. බැදෙනු ඇති. මරුට අයිති දේවල් මරු දේවල් මරු කාර් එක මරු ඇඳුම, මරු හිනාව, මරු කතාව හේ ආදී ලෙස ලස්සන ප‍්‍ර‍්‍රියමානාප  දේ හඳුන්වන්නේ කොතෙක් ආසාවෙන්ද?  මේ ආසාව ඉහ වහා ගිය විට නිකම්ම මාර නොව මරේ මරුය. කරුණු එසේ නම් මරු එපා වූයේ කාටද මරේ මරු ලෝ සතුන් කරා ඇදීයන්නේ සරාගය හා මිහිරියාව ඔප් නංවා ගෙනයි. ඒ පුද්ගල මාරයෝ නොව අනේක ප‍්‍රකාර ආසාවන්ය. කාමුක දේට ඇති ආසාවන් කාම මාරයෝ නම් වේ. මේ ආසාවන්ට වහල්ව කටයුතු කිරීමට පොළඹන්නේ කර්ම මාරයෝය.

මෙසේ කාම ආසාවන්ට ඇදී බැදී යන විට තමන් නොදැනුවත්වම නොයෙක් දුසිරිතය වුව ද ඒවාට මුළාවූ කල ඒවාම බොහෝ වටිනා දේවල් ලෙස කල්යත්ම එබඳු චරිතයෝ ආඩම්බර ලීලාවෙන් ලෝකයා පිළිගනී. ඒ සිත කෙලෙසන කෙලෙස් දහම් වැඩෙන විට ඒ සමග මෙහෙයද බලවත්වන නිසාය. නමුත් මෝහාධිකයන් යැයි කියන විට එහි අදහස ලෙස අද පිළිගන්නේ තමන් කරන කියන කටයුතු උපායශීලීව කරගන්නට නොදන්නා අය හැගවීමටයි. යම් වැඩක් කිරීමට ගොස් අවුල් ගොඩක් කරගෙන පටලවා ගන්නා අයට මෝඩයෝ කියා සමාජයේ ව්‍යවහාර කරති. නමුත් සැබෑ මෝඩයා මීට වෙනස්ය. රූප කාම, ශබ්ද කාම, ගන්ධ කාම, රස කාම, ස්පර්ශ කාම, යන පංච කාමයන්ගේ ඇලී ගැලී මුලාවෙන් මත්ව කටයුතු කරන්නේ කාම මෝඩයෝය. ඒවාට විරුද්ධව කරුණු පැන නැගුණු විට සටන් කරමින් දැවි දැවී තැවි තැවී දුෂ්‍ය බාවයම කර කරගන්නේ ද්වේශ මෝඩයෝය, මේ රාග, ද්වේශ සහගත කටයුතු ඉෂ්ට සිද්ධ කරගැනීමට කපටිකම් කරන්නේ කපටි මෝඩයෝය. රාග ද්වේශ වැඩවලට අවශ්‍ය සියුම් උපක‍්‍රම යොදමින් රාගයෙන් කුල්මත් කරන දේවල් නිපදවමින් කටයුතු කරන්නේ උපක‍්‍රමශීලී මෝඩයෝය. මේවා මහ ඉහළිින් වර්ණනා කරමින් දියුණු සමාජයේ ස්වභාවය මෙසේ යැයි කියමින් ලෝකය මුලා කරන්නේ මහා මොඩයෝය. එබැවින් මේඩයෝ යනු මන්ද බුද්ධික පිරිසක් යැයි නොසිතිය යුතුය. ඔවුන් සියුම් උපක‍්‍රමශීලීව සමාජය නොමගට යොමු කරන කපටියෝ ය. බලවත් මාර පාක්ෂිකයෝය. සමාජය කෙලෙසන, දහම් නුවණ මොටකරන, දුෂ්චරිතය දේවල් ලෙස හුවා දක්වන ක්ලේශ මාර පාක්ෂිකයෝය.

නිත්‍ය වූ, සදාතනික වූ දෙව් ලොවක්, බඹ ලොවක් ගැන මුලා අදහස් දී සත්වයා පින් වැඩ කිරීමට පොළඹවා, සසර දුක ඉක්මවා නිවන් සුවයට පත්වීමට ඉඩකඩ වසා ආත්ව දෘෂ්ටිය නම් මුලාවක බැඳ තබන තවක් මාර පිරිසක් ඇත. ඔවුන් ශාස්ත‍්‍රවාදී පිරිසකි. පංචකාම සම්පත්තියෙහි පොළඹවා කාම සැපතට ඉඩ කඩද සලසා සෙන පුඤ්ඤාභි සංඛාර මාර පිරිසට අයත් වේ.

තවත් පිරිසක් මෙලොව පරලොව, පින්, පව්, සුචරිත, දුශ්චරිත, කියා දෙයක් නැත, මවි පිය, වැඩිහිටි යැයි පිළිගැනීමට වටිනා පිරිසක් නැත. විශිෂ්්ට ඥානයන්ගෙන් දෙව්ලොව අපාය, කර්ම විපාක, ආදිය අදනගනා නුවණ ඇති ශ‍්‍රමණ බ‍්‍රාහ්මන උතුමෝ නැත, ඒවා ලොව රවටන බොරුකාරයන්ගේ කතා යැයි ලොකයා හමුවේ මුලාබස් දොඩොවා, පමට දුශ්චරිතයට පොළඹවා කම් සැපතට මුලා කරවන අය් අපුඤ්ඤාභි සංකාර මාර පිරිසට අයත්ය.

මේ සියල්ලම ඉක්මවාශාන්තවූ, ප‍්‍රණීත වූ. සදාතනික වූ, අරූපාවචර බඹ තලය නම් ස්ථානයක් ඇතැයි නිවන ලෙස, විමුක්තිය ලෙස පනවන පිරිස අනිඤ්ඤාභි සංඛාර මාර පිරිසට අයත් වේ මුලාවෙහි සිටින තුරු මියයන සෑම දෙනාම මරු දේවල්වලට කැමැත්තෙන්ම මිය යනු ඇත. මාර න්‍යය අතනොහැර මියයන නිසා මරණය හෙවත් මරණයට යන ඒ සියල්ලේම මච්චු මාර පිරිසට අයත් වේ. බුදුන් වහන්සේලාට, අරිහතුන් වහන්සේලාට මරු න්‍යායක් නැත. ඒ මරු දේවල් අත්හළ බැවිනි. අරිහත්ඵලයට පත්වත්ම මච්චුමාර පරදා ඇත. උන්වහන්සේලාගේ අවසන් මොහොත පිරිනිවන් පෑම ලෙස හදුන්වන්නේ ඒ නිසයි.

මරු දේවල් මරේමරු කියා සිතාගෙන ඒවායේ ආස්වාදය පැවැත්මට සුවයැයි තීරණය කර පක්ෂ නායකත්වය දරන්නා සේ ලෝක පැවැත්වට පක්ෂව ඉහළම ලෞකික රසය පරමාර්ථය ලෙස ගෙන එබඳු බොහෝ පින් දහම් කළ කෙනා පරනිම්මිත වසවර්ති නම් දෙව්ලොව එම දෘෂ්ටියට නායක වී උපත ලබයි . ඔහු දේව පුත‍්‍ර මාරයා ද ඉහත කී මාර ධර්මයාගේ ගොදුරකි.

අවිද්‍යා, තෘෂ්ණා මුලාවේ සිටින තුරු ඒ සියල්ලන්ම ගොදුරු කරගන්නා මාරයා නම් මූල සහගත මරේ මරුය. මේ මරේ මරුට බිලිවී සිටින තුරු ආර්ය මාර්ගය නොවැඩෙනු ඇත. ආර්ය වූ සුචරිත ගුණ නොපිහිටිනු ඇත. අසහනකාරීත්වයෙන් නොමිදෙනු ඇත. කල කෝලාහල, හිංසාකාරී විප්ලවකාරී අදහස් ගලා එනු ඇත. කොතෙක් අවාද අනුශාසනා කළත් පාපයන්ගෙන් නොමිදෙනු ඇත. සතර අපායෙන් ද සදහට නොමිදෙනු ඇත. නිවුන සැනසුන සුචරිත සමාජයක් ගොඩ නැගිය නොහැකිවනු ඇත. ඉහත කී මාරයාට බිලි වී සිටිනතුරා ඔහු අනාථයෙකි. එනිසා සමාජයටද අනාථ වීමට සිදුවේ.

මේ මුලා සහගත මාරයාට හේතු නොමැතිව සාමජයේ කිසිවෙකුත් බිලිගන්නට බැරිය. මේ මරුට අත් දෙකකි. මේ මරු කරා යන අය සතුටින් පිළිගැනීමට ඒ අතදෙන නිතර දිගු කරගෙන සිටිති. අසුවූ විට ගිල දමයි. බිල්ලට ගොදුරු වී අනාථයෝ වෙති. පළවෙනි අතට අසු වීමට දියත් කර ඇති උගුල සෙල්ලමයි. දෙවෙනි අතින් දියත් කර ඇති උගුල ගැටුමයි. මේ සෙල්ලමට, ගැටුමට ගෙනගිය කිසිවෙක් මරුගුලට අසු නොවේ. සැනසුමට මග ඇත්තේ එතැනයි. මූලාසහගත මාරයාගේ දෑතින් විහිදෙන උගුල් ලෝකයේ රාජ්‍ය නායකයන්ගේ මාර්ගයෙන් අද මුළු ලොව පුරාම දියත් කර ඇත. ඒ අය ද මාර කුමන්ත‍්‍රණය හඳුනා නොගන්නා තුරු මරුටම පක්ෂපාතී වනු ඇත. මරු වෙතට ඇද ගන්නා සෑම උගුලකටම පක්ෂපාතීව උදව් දෙනු ඇත. මරුගේ පිරිස දරුවන් බීලි කොකු වල අමුණමින් මරුගේ දෑතට රුහැන් දෙනවිට රාජ්‍ය නායක නිල දරු පිරිස් සිනාසෙමින් සතුටින් බලා සිටිනු ඇත. මුළු ලොවටම මාරයා අතවනමින්, සිනාසෙමින්, බිලි ගනිමින් මාර විෂය ඉක්මවන්නට ඉඩ නොතබනු ඇත. මරු වසඟය භයානක බව නොදත් මූලාසහගත බව නිසාම කොතෙක් දරුවන් බිලිගත්තද එය දැක දැක හිනාවෙනු ඇත. සතුටු වනු ඇත. ආත්ම ලාභය, කීර්තිය, ප‍්‍රශංසාව, යන මාරයාගේ වැටුපට වසගව, පගාවට වසගව මාරයාට කත් අදිනු ඇත.

අපේ ආදි බොදුණුවෝ මේ සෙල්ලමේ භයානක බව නිතර පැවසුවාට, අද හිස නිකට පැසුනු අයටත් සෙල්ලම නැතුවම බැරි වී ඇත. ළදරුවාගේ පටන් මහල්ලා දක්වා මරුගේ තොණ්ඩු වල, බිලී කොකුවල ඇමුණුනු සෙල්ලම් බඩු නැමැති ඇමවල් ලක්ෂ කෝටි ගණන් ලොව පුරා විහිදී ඇත. ඒවා පරිහරණය මරුගේ අණ පරිදි මානව හිමිකම් නිදහසටද යටත් කර ඇත. මාරයාගේ ගොදුරු වලට කිසිදා සැමයේ සැනසීම ලැබිය නොහැක. සෙල්ලම් වැඩ කියන්නේ සෙළු ළමා වඩවලටය. සෙළුවෙන් දුන පැන ඇවිදින නොදරුවන්ගේ වැඩ වැඩිහිටි අයත් කරනවා නම් ඒ අය ලබා ඇති දියුණුවේ තරම එයින් තේරුම් ගත යුතුය. ..සෙල්ලම් කළොත් නිෂ්ඵල වෙයි දැනගනිල්ලා.. යන වදන ඉවත දැමිය හැකි හණමිටි අදහසක් නොවේ. මේ පඩි වදන ඉවත දමා කටයුතු කළවිට ලැබෙන්නේ පරාජයයි. ඉන් නැගෙන ප‍්‍රතිඵලය අපරාධයයි. පරාජය හෙවත් පෙර – අර්ධය යම්සේද අපර – අර්ධය හෙවත් අපරාධය ඊට අනුකූලව ලැබේ. පරාදයට හේතුවන දෙයක අග ප‍්‍රතිඵලය අපරාධය හැටි මෙසේ තේරුම්ගෙන අපරාධයට මුල්වන පරාද වැඩ අත්හැයි යුතුයි. සෙල්ලම් වලට ඇලීම, ගැටීමට මුල වේ. ඇත- ක‍්‍රම ඇලීමයි. ගැටි- ඉම ගැටීමයි. ඇලි ඉමේ දැගලූවොත් වැටෙන්නේ ඇල්ලටයි. එවිට සැඩ පහරේ ගසාගෙන යයි. ගැටි ඉමේ දැගලූවොත් වැටෙන්නේ ප‍්‍රපාතයටයි. එවිට අතපය කැඞී වැනසී යයි.

මෙවන් හරබර උපමාවන් කැටිකරගත් හෙළ බොදුණුවෝ ආසාවන්ගෙන් මත් වූවන් කාම සැඩපහරින් විනාශ වන බව පෙන්වීමට ඇල්ලක ඉමක සිටීම වැනි යැයි කී අදහස කැටි කර එය ඇලීමක් යැයි භාවිතා කළේය. ද්වේශ සහගතව ක‍්‍රියා කරන අය ගැට්ටක ඉම සීමාවේ දැගලූවොත් ගැට්ට පහලට වැටී අතපය කැඩෙන සේ වැනසෙන අදහස ඔප්නංවා ඊට ගැටීම යැයි භාවිතා කළා. මාර මුලාව ලොව රැුවටුවේ අද පමණක් නොවේ. පෙර අතීතයේද එසේම රවටා ඇත. සංගීතයෙන්, නැටුම් ගැයුම් වලින් තමනුත් සතුටු වී ලෝකයාත් සතුටු කර ඒ පිනෙන් දෙව්ලොව යන බවට නාට්‍යාචාර්යවරු හා සංගීතාචාර්යවරු ලෝකයා මුලාකර තිබූ අයුරින් සංයුක්ත නිකායට අයත් තාලපුට, නම් සූත‍්‍රයේ පෙන්වා ඇත. මෙය එකල සිටි තාලපුට ගාමිණි නම් නළුවෙක් මුල්කරගෙන කරන ලද දේශනාවකි. එහි සංක්ෂිප්තය මෙසේය.

පූර්වයෙහි රාගය පහ නොකල රාගයෙන් බැඳුණු සත්වයෝ වෙත්ද ඔවුන්ට නළුවා රඟමැද, නෘත්‍ය මැද ඇලීම පිණිස පවත්නා යමක් වෙයි නම් එය බොහෝ සෙයින් පෙන්වයිද, පූර්වයෙහි පහ නොකළ ද්වේශ ඇත්තාවූ ද්වේශයෙන් බැඳුනාවූ සත්වයෝ වෙත්ද ඔවුන්ට නළුවා රඟ මැද, නෘත්‍ය මැද  ද්වේශ පිණිස පවත්නා යමක් වේ නම් ඒ දෙය බොහෝ සෙයින් පෙන්වයිද, පෙර මෝහය පහ නොකළාවූ මෝහයෙන් බැඳුනු සත්වයෝ වෙත්ද ඔවුන්ට නළුවා, රඟ මැද නෘත්‍ය මැද මෝහය පිණිස පවත්නා යමක් වේ නම් එය බොහෝ සෙයින් පෙන්වයිද හෙතෙම තමනුත් මත්ව, ප‍්‍රමාදව, අන්‍යන්ද මත් කොට, ප‍්‍රමාද කොට ශරීරය බිදීමෙන් මරණින් මතු පහාස නම් නිරයක් වේද එහි උපදී. (රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්හ කියන මේ පහට ආසා කිරීම නිසා පහ- ආස පහාස නම් වේ.)එමනිසා යමෙකුට යම් නළුවෙක් හෝ නිළියක් රඟමැද, නෘත්‍ය මැද බොරු සැබෑ දෙකෙන් ජනයා සතුටු කරවයි නම්, ඇළුම් කරවයි නම් හෙතෙම කය බිදීමෙන් මරණින් මතු පහාස නම් දෙවියන් හා සහවාසයට පැමිණෙයි යන මෙැවනි දෘෂ්ටියක් වේද ඒ මිථ්‍යා දෘෂ්ටියෙකි. මිත්‍යා දෘෂ්ටික පුද්ගලයාට නිරය, තිරිසන් අපායයන දෙගතින් අතුරෙන් එක්තරා ගතියක් ලැබෙන බව දේශනා කොට ඇත.

මෙසේ දේශනා කොට වදාළ  කල්හි තාලපුට ගාමිණි හැඩුවේය. කඳුලූ සැලූවේය. පෙර නාටක ආචාර්ය ප‍්‍රාචාර්යයන් විසින් බොහෝ කලක් මුළුල්ලෙහි යම්, ඒ නළුවෙක් හෝ නිළියක් රඟමැද, නෘත්‍ය මැද බොරු සැබෑ දෙකෙන් ජනයා සතුටු කරවයිද, ඇළුම් කරවයිද හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු පහාස නම් දෙවියන් හා සහවාසයට යන්නේ යැයි මුලා කරන ලදි. වංචා කරන ලදි. පොළඹවන ලදි. ස්වාමිනී යහපත, යම් සේ යටිකුරු කරන ලද්දක් උඩුකුරු කරන්නේද, ඇසුණු දෙයක් විවෘත කරන්නේද, මුලා වුවෙකුට මාර්ගය කියන්නේද, ඇස් ඇත්තේ රූප දකිත්වායි ඇඳුරෙහි තෙල් පහනක් දල්වන්නේද මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ධර්මය ප‍්‍රකාශ කරන ලදි. ඒ මම භග්‍යවතුන් වහන්සේද, භික්ෂු සංඝයාද සරණ කොට යමි. ස්වාමිනි භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි පැවදි බව ලබන්නෙමි. උපසම්පදාව ලබන්නෙමියි කිවේය. තාලපුට ගාමිණි නළු බුදුන් සමීපයෙහි පැවදිව උපසම්පදාව ලැබුවේය. තාලපුට හුදෙකලාව වෙන්ව, අප‍්‍රමාදව, ලෙසේ තවන වීර්යයෙන් යුක්තව, ජීවිත පරිත්‍යාගයෙන් යුක්තව වාසය කරමින් නොබෝ කලකින්ම මාර්ග බ‍්‍රහ්ම චරියාව කෙලවර කොට ඒ උතුම් අර්ථය මේ අත් බැව්හිම විශිෂ්ට ඥානයෙන් දැන ප‍්‍රත්‍යක්ෂ කොට ගත්තේය.

ජාතිය ක්ෂය විය. බ‍්‍රහ්ම චරියාව නිමාවන ලද්දේය. සතර මගින් කළ යුත්ත කරන ලදි. මේ ආත්ම භාවය පිණිස කළයුතු අනෙකක් නැතැයි දැක ඇත්තේය. තාලපුට ස්ථවිර අරිහතුන්ගේ එක්තරා කෙනෙක් වුයේ යැයි බුදුන් වහන්සේ විසින් වදාරන ලදි.

කරුණු මෙසේ හෙයින් පින්වත් නළු නිළියනි, කාමුක සෙල්ලම්කාරයිනි මේ සූත‍්‍රය කිහිප විටක් කියවා බලා මෙතෙක් කලක් සමාජ දූෂණයට නොදුනුවත්කම නිසාම සිදුකළ ලෝභ, ද්වේශ, මෝහ මාර බිල්ලන්ට තවදුරටත් මුලා නෙකරන්නේ නම් එය ඔබටද සමාජටයද යහපතක්ම වන්නේය. රාග, ද්වේහ, මෝහ දුරු කිරීමට ආධාර වන අභි ගීත නාටක ආදියට අවධානය යොමු කරත්වා. අපගේ උඩරට පහතරට ආදී නැටුම් කලාවන් මගින් කළේ එසේ රාග, ද්වේහ, මෝහ දුරු කිරීමට ආධාර වන නැටුම් ගැයුම්ය. නමුත් අද ඒවා යටපත්ව ගොස් බටහිර පන්නයෙන් ආ රාග, ද්වේහ, මෝහ වර්ධනය කරන නැටුම්, ගැයුම් විවිධාකාරයෙන් කාමුක ඇඳුම් ආයිත්තම් වලින් සැරසී ජනතාව තවතවත් සසර කතරෙහි අතරමං කිරීමයි සිදුවන්නේ. සේවා ආධාර අනුබල දෙන පිරිස්, මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යයද ඒ පාප කර්මයන්ට අනුබල දීමේ විපාකයට අයත්වන බවත් දැන ගත්වා. එසේ දැනගෙන බුද්ධිමත්ව දුර්ලභව ලැබූ මනුෂ්‍ය අත්භවයෙන් නමනුත් ප‍්‍රයෝජන ගෙන අන්‍යයන්ටද ප‍්‍රයෝජනවන් ලෙස මෙහෙයවන්නේ නම් තුන් ලෝකයේම අභිවෘද්ධිය පිණිස හේතුවන්නේය. මෙම ධර්ම විග‍්‍රහය නවීන ලෝකයේ සමාජ දූෂණයක මුල හෙලිකර දෙන බුදු පියාණන් වහන්සේ විසින් පෙන්වා දුන් එහෙත් වර්තමානය වනවිට සැගව ගිය දහමක් බවත් තේරුම් ගනිත්වා.

(පූජ්‍යපාද වහරක අභයරතනාලංකාර හිමිපාණන් විසින් දේශිත දහම් කරුණු ඇසුරින් නීතිඥ චන්දන සිරිවර්ධන විසින් සකසන ලදි)

Published in: on අප්‍රේල් 7, 2010 at 9:42 පෙ.ව.  ප්‍රතිචාර (7)  
Tags: , ,

The URI to TrackBack this entry is: http://rcgbs.wordpress.com/2010/04/07/%e0%b7%80%e0%b7%92%e0%b6%af%e0%b7%8a%e2%80%8d%e0%b6%ba%e0%b7%8f%e0%b7%80%e0%b6%a7-%e0%b6%b4%e0%b7%90%e0%b6%bb%e0%b6%af%e0%b7%99%e0%b6%b1-%e0%b6%b8%e0%b7%8f%e0%b6%bb%e0%b6%ba%e0%b7%8f-%e0%b6%b4/trackback/

මෙම ලිපියේ ප්‍රතිචාර සඳහා RSS පෝෂකය

ප්‍රතිචාර 7ප්‍රතිචාරයක් ලබාදෙන්න

  1. දහම් කරුණු හෙළිදරව් කළ ඔබලාට බොහෝ පින්.
    දස මාර සෙන් අයිතිවෙන්නේ මේ කුමන මරු පිරිසකටද?

  2. සැගව ගිය දහම් කරුනු ඉදිරිපත් කිරීම ගැන ගොඩාක් සතුටු වෙනවා. මේවා ගැන තවත් විස්තර අවශ්‍ය නම්
    http://www.hiddendhamma.net/
    http://blog.hiddendhamma.net/

  3. බුදු රජානන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය යලි යලිත් මතක් කොට දීමෙන් ඔබ කරන්නේ විශාල සේවයකි. එමඟින් ඔබ කර ගන්නේ විශාල පුන්‍ය සම්භාරයකි. අපේ රටේ ඇත්තේ විශාල වශයෙන් ආමිස පූජාවන්ය. බුදු රජානන් වහන්සේ වදාලේ ප්‍රතිපත්ති පූජාව ඊට වඩා යහපත් බවය. මෑතකදී මහමෙවුනා භාවනා මධ්‍යස්ථාන මගින් ඒ වෙනුවෙන් කටයුතු කිරීම සතුටට කරුනකි. නමුත් පෙර තිබූ දහම් පොත් අන්තර්ජාලයෙන් ඉවත් කොට වානිජ මුහුනුවරක් දීම ශෝකයට කරුනකි. අනෙක් ථේරවාදී රටවල සදහම් පත පොත සඳහා ලියැවී ඇත්තේ මේ බුදු රජානන් වහන්සේගේ ධර්මය වෙයි, එය මිල කල නොහැකිය යනුවෙනි. කෙසේ වෙතත් ලද දෙයින් සතුටු වීම අපගේ යුතුකමකි. 1959 වසරේදී එවකට බුරුමයෙන් පැමිනි දූත පිරිසක් (මහාසි සයාදෝව් හිමියන් ඇතුලු – මේ හිමියන් වහන්සේ සවන ධර්ම සංඝායනාවේ පුච්චක වශයෙන් වැඩ සිටි සේක. ) විපස්සනා භාවනාව පුහුනු කිරීම සඳහා කැමැත්ත පලකලහ. එවකට ලංකාවේ සිටි මහා සංඝයා වහන්සේලා අකැමති වීම අපේම අභාග්‍යයකි. ඇත්තටම එවකට ලංකාවේ සිටි භාවනා පුහුනුවක් ඇති භික්ෂූන් වහන්සේලා ඉතාමත්ම අල්පය. විපස්සනා භාවනාව පුහුනු කරන විට, දින කිහිපයක් ඇතුලත අවබෝධය ඇති වී සියල්ල ඇති වී නැති වෙන බව ප්‍රත්‍යක්ෂ වෙන බව මහාසි හිමියන් ප්‍රකාශ කොට ඇත. රූපයට ඇති අශාවන් නැතිවෙන්නේ එතැන සිටය; වෙනත් ආශාවන් පසුපස ලුහුබැඳ යාමද අඩුවෙන බවක්ද උන්වහන්සේ පවසා ඇත. අඩසිය වසකට පෙර අපට අහිමි වූයේ ඒ අවස්ථාවන්ය. ඇති සැටි දැකීම පොත පතින් කිය වූවද, අවබෝධයෙන් දකිනා තුරු එය අවබෝධ නොවන බව පැහැදිලිය. නිවන වනාහී මේ ජීවිතයේදීම අවබෝධ කරගන්නා සැනසුමක් විනා මරණින් පසු යන පාරාදීසයක්ද නොවන බව අප දැනගත යුතුය. ඔබ හැමට තෙරුවන් සරණයි.

    • Comment to Mr Sarath Gunathunga’s post

      Arya woo maha sangarathnaya yanu Dharmaya Dayada karagena sitinnoya , Amisa dayada karagena nam nowe… Meya prothajjanayata samana nowoo ,Ema Arya uthumanta pamanak adala Ashcharyawath gunayaki…

      Aa nisa thamange Mannaya peratukaragenanam aa utum Arayan vahanselanam handunagatha noheka…
      Aa nisa apata tikak hari nuvana theyanavanam api apage oya pugu mannaya atahera aa utum sathpurusha bhoomiya pamini kenek vemu…Mee ugaye apa laboo utum laabaya aa Mahamevnava yana sathpurusha bhoomiyamai…

  4. මෙවැනි ලිපි තව තවත් ඵලකිරීමට ශක්තිය ලැබේවා…!!!

  5. Saththa Bagawa – Sawako Hamasmi
    Bhagawa Janathi – Ahan Najanami ….

    sadu sadu…

    E Bhagyawathun wahansemai Ashcharyaya
    E Bhagyawathun wahansege Dharmayamai Ashcharyaya
    E Bhagyawathun wahansege Shrawaka woo Arya woo uthuman wahanselamai Ashcharyaya…

    thama huwa nodakwa , Dharmayama Ismathu kota , Mithya drushtika kadathurawan iradama,, PINATHI, MANNAYAYEN BATA NOKANA sathpurushayanta me dharmaya metharam pahadiliwa kiyadun ema Arya woo uthumanta Namskara wewa !!!

    Sadu Sadu Sadu !!!


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.