පිවිසුම

ආශ්චර්යවත් මේ ධර්මය අපේ නොවේ.
මේ ධර්මය සම්මා සම්බුදු රඡුාණන් වහන්සේගේය.
අපහා උන්වහන්සේ අතර සම්බන්ධතාව ලැබෙන්නේ උන්වහන්සේගේ ධර්මාවබෝධයෙන්ය.
ඒ සඳහා බුද්ධානුස්සති ශාසනාව ප‍්‍රායෝගික කළ යුතුය.
එකල්හි මාර්ගඵලාවබෝධය ලැබේ.
මාර්ගඵලාවබෝධය ලැබූ උතුමෝ
මේ සමාජයේ නිහඩවම හිඳ
පුහු දුන් සතට ආදරානුකම්පාවෙන්
මාර්ගඵල අවබෝධකරන්නට කියා දෙන්නේය.
බුද්ධත්වයෙන් පැන නගින
ආර්ය ශ‍්‍රාවක පරපුරේ ඒ හඩ හැමටම නොඇසේ
ඇසුණත් හැමටම අවබෝධ කළ නොහේ.
එනමුදු ඒ පහළ වී ඇත යනු මෙයයි.
අසන්නට කනක් තිබේ නම්
සිතන්නට සිතක් තිබේ නම්
දකින්නට මනසක් තිබේ නම්
ලබන්නට විමුක්තියක් තිබේ නම්
ගෞතම බුදු සසුනේ ආර්ය ශ‍්‍රාවකයෙකු වීමේ
භාග්‍ය උපදවාගෙන
ධර්මය විවෘත කරගෙන
මාරයාගේ සසරෙන්, දුකෙන්
නික්මීමේ සුරක්ෂිත මාවත විවරව ඇත.
ඒ බව හෙළි කරන්නට
ඒ බව ළං කරන්නට
ආර්ය පර්යේෂණයක අමා විද්‍යාව උදාකර ගැනීමට
රිච්මන්ඞ් බෞද්ධ සංගමයේ
මේ පරමදුර්ලභෝත්තරීතර වෑයම
සංසාරයේ අග‍්‍රඵලය ලෙස
ධර්මදානයට පුදන මේ මොහොතේ
ඒ තුළින්
සෝවාන් මග ඵල පිණිස වන එක සිතක්වත්
තහවුරු වී බිහි වුණොත්
කාම ලෝකයෙන් නික්මෙන්නට ශක්ති හැඟීම් ලැබුණොත්
සැබෑ බෞද්ධත්වය වැටහී අභින්කිමන හඳුනාගතහොත්
සසර සත්වයින් වෙනුවෙන්
එය පමණක් අපේ ශාසන යුතුකම්  හා වගකීම
බව මේ බව දැනෙන-නොදැනෙන සැමටම ධර්මතාවන්ට ඉඩදෙමින් මෙයින් දන්නා-දක්වා ……සිටිමු.
Published in: on අප්‍රේල් 5, 2010 at 11:56 ප.ව.  ප්‍රතිචාරයක් ලබාදෙන්න  

The URI to TrackBack this entry is: http://rcgbs.wordpress.com/2010/04/05/%e0%b6%b4%e0%b7%92%e0%b7%80%e0%b7%92%e0%b7%83%e0%b7%94%e0%b6%b8/trackback/

මෙම ලිපියේ ප්‍රතිචාර සඳහා RSS පෝෂකය

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.