විද්‍යාලයාධිපතිතුමාගේ විශේෂ සටහන

ලෞකිකාර්ථය ඉක්මවාලූ ආධ්‍යාත්මික ඉලක්කයක් පෙරදැරිව ක‍්‍රියාත්මක වන රිච්මන්ඞ් විද්‍යාලයීය බෞද්ධ සංගමය ඉතිහාසයේ ප‍්‍රථම වතාවට විද්‍යාව හා බුදුදහම අතර ඇති සබඳතාව විමසමින් කෝණ රැුසකින් හා නව දෘෂ්ටියක් ධර්ම දානය ග‍්‍රන්ථයක් ලෙස එළි දක්වන මෙම ශුද්ධ ග‍්‍රන්ථයට ශුභාසිංශන පණිවිඩයක් සපයන්නේ එය ඉමහත් පිනකට දායක වීමට අවස්ථාවක් වූ බවද දක්වමිනි.

විද්‍යාව හා බුදු දහම අතර සබඳතාව යන තේමාව තුළ රිච්මන්ඞ් විද්‍යාලයීය බෞද්ධ සංගමය නව දර්ශනයක් ලොවට හඳුන්වා දෙන්නට තිබේ. ඒ සඳහා පාසලේ සිටින ශිෂ්‍යයින්ගේ නිදහස් අදහස්වලට මේ ගත වේදිකාවක්ය. එහි වටිනාකම තීව‍්‍ර වී ඇත්තේ ඒ සඳහා සහෝදර පාසල්වල ලාංකේය පොදු සිසු කුලකයේ නිර්මාණ හැකියා විද්‍යමාන කරන්නක් වීමෙනි. ප‍්‍රකට විද්වතුන්ගේ ලිපි හා ධර්මධර පැවිදි ගිහි උතුමන්ගේ ධර්ම ශාස්ත‍්‍රීය නිබන්ධන ග‍්‍රන්ථයේ අර්ථය පූර්ණය කරයි.

මෙහි සමස්තය සළකා බලන කල ඒ තුළ සිතට දී ඇති අගය දැකිය හැක. සිත ඔස්සේ දියුණු වන විද්‍යාව ගලා බසින මෙය තුළින් එය හෙට ලෝකයේ තේමාව ලෙස වැඩිය යුතු අයුරු පෙන්වා දෙයි. බුදු හිමි නිවන පරිකල්පනය නොකළ සේක. සිත යනු කුමක්දැයි විමසූ කල සිත යනු කුමක් වත් නොවේ යැයි විද්‍යාත්මක පර්යේෂණයකින් අනාවරණයට අවශ්‍ය ඥානය හෙළි කළේය.  සාරා සංක්‍ය කල්ප ලක්ෂයක් හිත එකම අරමුණකට මෙහෙයවා හිතේ උපරිම තලය සොයා ගත්තේය. ඒ බුද්ධත්වය අපේ හිත තුළ ද ඇත්තේය. එය මතු කර ගැනීමයි සිදු කළ යුත්තේ. මෙය තරුණ පරපුරට නව ආරාධනයකි. හෙට ලෝකයට අළුත් අපේක්ෂාවකි. එහෙයින් එය සැබෑ විද්‍යාව බව තේරුම් ගත හැකිය. අධ්‍යාපන විද්‍යාර්ථීන්ට පරමාදර්ශයකි.

රිච්මන්ඞ් විද්‍යාලයේ ඓතිහාසික සම්ප‍්‍රදායන්ට නව ගාම්භීරාර්ථයක් සපයා දෙන්නේ බෞද්ධ සංගමයේ මේ වෑයම හේතු වී තිබෙන බව ඉහත විමසීමෙන් සනාථ වේ. එයටත් වඩා එහි ශ්‍රේෂ්ඨ බව ඉස්මතු වන්නේ මෙය ජාතිය මතු නොව ශාසනයටම සිදු කරන වැදගත් පූජාවක් වීමයි. පරම දානයක් අතරම ශ්‍රේ්ෂ්ඨ වූයේ ධර්ම දානය බව දේශිතයි. පාසල තුළින් ද දානයක් දීම සිදුවේ. එහෙත් එය තව දුරටත් පෘථුල කළ යුතු යැයි කාලය විසින් පෙන්වා දී හමාරය. එහි අරුත ..ආධ්‍යාත්මික සාක්ෂරතාවක්.. පිළිබඳ බව අදහසක් අප නිර්මාණය කරගත යුතු බව යැයි සිතමි. බුදු සසුන පවතින මේ පොළෝ බිමෙන් එය ලොවට දිය හැකි වුවත් උතුම් දායාදයක් සේ පෙනේ. ඒ පිළිබඳ සියලූ දෙනාටම විද්‍යාත්මක විවරණයක් රිච්මන්ඩි විද්‍යාලයීය බෞද්ධ සංගමයේ මේ වැඩසටහනෙන් සිදුකොට ඇති බව පැහැදිළිය.  බෞද්ධයින් ලෙස අප සැම මෙ තුළින් පහන් වේ. මේ කර්තව්‍යයට සහයෝගය නිර්මාණය හා දායකත්වය දුන් සැමට ස්තුති කරන්නටද මම මේ අවස්ථාවක් කර ගතිමි. විද්‍යාලයේ අභිධර්මය භාර අභිධර්මාදාර්ය සුජිත් කුමාර මහතා ප‍්‍රමුඛ බෞද්ධ සමංගමය තුළින් රිච්මන්ඞ් විද්‍යාලයට නව ආලෝකයක් සිය ප‍්‍රායෝගිකත්වයෙන් ලබා දී ඇත. ඒ ආලෝකය හෙළිදරව් කර දෙන මාවත ධර්ම මාවතයි. ඒ ආලෝකය සුරකින තෙල් බවට බෞද්ධ සංගමයේ නිර්මාණශීලී සුවිශේෂ ශිෂ්‍ය පිරිසත්, තිර බවට හෙට ලොවට භාරගත්නාවූ තරුණ මනසත් පත්ව තිබේ. රිච්මන්ඞ් බෞද්ධ සංගමයේ මේ ආලෝක පහනෙන් තවත් පහන් සුවහසක් දැල්වී අඳුර පහවී විද්‍යාව අවදිවී ලෝකයම පහන් වේවා යන්න මාගේ පැතුමයි.

ඊ. එම්. එස්. ඒකනායක
විදුහල්පති.

ප්‍රකාශිත on අප්‍රේල් 6, 2010 at 2:18 ප.ව.  ප්‍රතිචාරයක් ලබාදෙන්න  

The URI to TrackBack this entry is: http://rcgbs.wordpress.com/%e0%b7%80%e0%b7%92%e0%b6%af%e0%b7%8a%e2%80%8d%e0%b6%ba%e0%b7%8f%e0%b6%bd%e0%b6%ba%e0%b7%8f%e0%b6%b0%e0%b7%92%e0%b6%b4%e0%b6%ad%e0%b7%92%e0%b6%ad%e0%b7%94%e0%b6%b8%e0%b7%8f%e0%b6%9c%e0%b7%9a-%e0%b7%80/trackback/

මෙම ලිපියේ ප්‍රතිචාර සඳහා RSS පෝෂකය

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.