2010 ගමන් මග

The stats helper monkeys at WordPress.com mulled over how this blog did in 2010, and here’s a high level summary of its overall blog health:

Healthy blog!

The Blog-Health-o-Meter™ reads Wow.

Crunchy numbers

Featured image

A helper monkey made this abstract painting, inspired by your stats.

A Boeing 747-400 passenger jet can hold 416 passengers. This blog was viewed about 3,400 times in 2010. That’s about 8 full 747s.

 

In 2010, there were 12 new posts, not bad for the first year! There were 2 pictures uploaded, taking up a total of 256kb.

The busiest day of the year was October 5th with 337 views. The most popular post that day was විද්‍යාව හා බුදු දහම අතර ඇති සම්බන්ධය – අභිධර්මාචාර්ය ශාස්ත‍්‍රවේදී අජිත් කුමාර මයා.

Where did they come from?

The top referring sites in 2010 were blogs.sinhalabloggers.com, facebook.com, sasrutha.com, kolu.wordpress.com, and kottu.org.

Some visitors came searching, mostly for rcgbs.wordpress.com, 53. සොඳුරු දහම් මගට පිවිසෙමු., වහරක අභයරතනාලංකාර, www.hiddendhamma.net, and rcgbs.wordpress.

Attractions in 2010

These are the posts and pages that got the most views in 2010.

1

විද්‍යාව හා බුදු දහම අතර ඇති සම්බන්ධය – අභිධර්මාචාර්ය ශාස්ත‍්‍රවේදී අජිත් කුමාර මයා October 2010
121 comments

2

විද්‍යාව – කිරිබත්ගොඩ ඥාණානන්ද හිමි April 2010
4 comments

3

විද්‍යාවට පැරදෙන මාරයා – පූජ්‍යපාද වහරක අභයරතනාලංකාර හිමි April 2010
6 comments

4

විද්‍යාවේ මහිම – කටුකුරුන්දේ ඥාණානන්ද හිමි April 2010
2 comments

5

විද්‍යාවේ අධ්‍යාත්මය – අභිධර්මාචාර්ය ශාස්ත‍්‍රවේදී අජිත් කුමාර මයා. June 2010
3 comments and 1 Like on WordPress.com,

Published in: on ජනවාරි 2, 2011 at 4:26 ප.ව.  ප්‍රතිචාර (1)  

විද්‍යාව හා බුදු දහම අතර ඇති සම්බන්ධය – අභිධර්මාචාර්ය ශාස්ත‍්‍රවේදී අජිත් කුමාර මයා

බුදු දහම වූ කලී සමාජය නැමති පුළුල් විද්‍යාගාරයක් තුළ දත්ත රැුස්කර  විද්‍යාත්මක සංකල්ප රාශියක් ලොවට හෙළි කරන ලද උතුම් දහමක් බව සඳහන් කළ යුතුය. මෙය බිත්ති හතරක්තුළ සිදු කළ පර්යේෂණයක ප‍්‍රතිඵලයක් නොවේ. මේ විද්‍යාගාරය තුළ පුළුල් පරාසයක් තුළ විනිවිද යමින් සාගරය බඳු නිගමන රාශියක් මේ මගින් ලොවට හෙළි කළේය.
බුදු දහම හා විද්‍යාව අතර සම්බන්ධය පෙන්වා දීමේදී වෙනත් මගකින් නිබන්ධනය අර්ථවත් කිරීමට හා කරුණු පෙන්වා දීම නූතන සමජයට මහත් අස්වැසිල්ලක් විය හැකියි. එම නිසා දකින සත්‍ය අවබෝධ වන සත්‍ය සමාජයට විවර කරදීම අප කාගේත් යුතුකමක් යැයි සිතිය යුතුය.
ඒ අතර විද්‍යාවන් බෙහෝමයකින් සමන්විත වී ඇත. ජීව විද්‍යාව, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව ආදී වශයෙන්  විද්‍යාවන් වර්ග වී ඇත. නමුත් බුදු දහම ඉහතින් පෙන්වා දුන් විද්‍යාවන් අභිබවමින් විනිවිද යමින් විද්‍යාත්මක සංකල්ප ඇතුළත් වෙනත් විද්‍යාවත් ලොවට හෙළි කළේය. ඉහත විද්‍යාවන්වල අවසානයේ සත්වයාට උරුම වී ඇත්තේ විනාශයක් මිස සුගතියක් නොවන බව දැනටමත් කාහටත් ප‍්‍රත්‍යක්ෂ වී ඇතැයි සිතිය යුතුයි.
තවද බුදු දහම විද්‍යාව අතර සම්බන්ධයක් ඇතැයි මතයක් ගොඩ නගන්නේ නම් එය එතරම් යුක්ති සහගත නොවිය හැකිය. ඉහතින් පෙන්වා දුන් විද්‍යාවන් තුළ ඇති සංකල්ප අභිබවමින් බුදු දහම තුළ විද්‍යාත්මක බව ඉස්මතුවී දැකිය හැකිය. නූතන විද්‍යාව තුළ සංවර්ධනීය මට්ටම සියයට 50 ක් නම් බුදු දහම තුළ පවතින විද්‍යාත්මක බව සියයට සියය ඉක්මවා ඇත. වර්තමාන බොහෝ දෙනෙක් නූතන විද්‍යාවන් මගින් බුදු දහම ඉස්මතු කර පෙන්වීමට යන බවක් පෙනෙන්නට තිබේ. නමුත් එය කිසිසේත් කළ නොහැක්කක් බව ඉහත සඳහනට අනුව සිතිය යුතු වේ.
බුදු දහම විද්‍යාත්මක බවකින් යුක්ත වවුත් විවිධ විද්‍යාඥයින් විසින් විෂය පද්ධතිවලට එක් කර ඇති විද්‍යාවන් ඉක්මවා ගොස් ඇත. අදටත් ගැටළු සහගතවී ඇත.
නූතනයේ ඉස්මතු වී දැකිය හැකි මොනම විද්‍යාවක්වත් මැරෙන කොට ප‍්‍රයෝජනයක් නොවන බවත් ශ‍්‍රද්ධාවන්තයන්ට සිහිකොට දිය යුතුව ඇත. ජීවිත අවබෝධය ලබන විද්‍යාත්මක බවක් බුදු දහම තුළ දැකිය හැක. සසරේ ඇවිදින සත්වයාට නවතින මග හෙළි කළ දහම බුදු දහම වේ. බුදු දහමෙන් පෙන්වන්නේ ලෝකයේ තිබෙන සත්‍ය ස්වභාවයයි. එය විද්‍යාගාරයක් තුළ කිසිසේත් කළ නොහැකිය. බුදු හිමි ගිහිගෙය හැර දමා සමාජයට හැකිනම් වනගත වූයේ සදාතනික විද්‍යාව ලොවට හෙළි කරන්නටය.
අවිද්‍යාව තුළ අගාධයෙන් අගාධයට වැටෙන සත්වයා සසර කතරින් එතෙර කිරීමට නවතම විද්‍යාවක් බුදු හිමි ලොවට හෙළි කළේය. එම විද්‍යාව නම් ආධ්‍යාත්මික විද්‍යාව වශයෙන් එය නම් කළ හැකිය. එහි විද්‍යාගාරය නම් සමාජය නම් විද්‍යාගාරයයි.
සමාජය නැති විද්‍යාගාරයට බුදු හිමි ප‍්‍රවේශය වූයේ එකල රාහුල කුමරු ඉපදීමත්, සතර පෙර නිමිති දැකීමත් නළඟනන්ගේ විකාර දැකීමත් යන අධ්‍යාත්මික විද්‍යාවේ ප‍්‍රවේශ මාර්ග විවර කරමිනි. ඇසල පුණු පොහෝදින සමාජය නැමත විද්‍යාගාරයට ප‍්‍රවේශ වූ බුදු හිමි නියම පර්යේෂකයෙකු ලෙස කටයුතු කළේය. සියලූ දත්ත රැුස්කරමින් සය අවුරුදුදක් දුක් විඳ කිසිම බාහිර උපකරණයකින් තොරව තමන් වහන්සේගේ එකම මොළයෙන් හා මනස උපකරණයක් වශයෙන් යොදවා නිගමනයකට එළඹියේය. එය දුක බවත් සියල්ල චතුරාර්ය සත්‍ය තුළ ගැබ් වී ඇතිබවත් තම මනසින් අවබෝධ කර ගනිමින් නිගමනයකට එලඹූ දිනය ලෙස වෙසක් පුණු පොහෝ දිනය පෙන්වා දිය හැකිය.
බුදු දහම නූතන විද්‍යාවෙන් ඔප්පු වන බවත් මිනිසා තුළ අදහසක් මතු වෙමින් පවතී, එසේ නම් විද්‍යාඥයින් දුකින් මිදුනු පිරිසක් විය යුතුයි. විද්‍යාව තවත් අතකින් බැලීමේදී හැම නිතරම වෙනස් වන එකකි. නමුත් බුදු දහම එසේ වෙනස් නොවේ. එයට හේතුව වන්නේ ආධ්‍යාත්මික විද්‍යාව කිසිසේත් වෙනස් නොවන සත්‍යයකි.
තවද අකාලික වූ සත්‍යයකි. මේ නිසා නූතන අනෙකුත් විද්‍යාවන් අභිබවමින් බුදු දහම සදාතනික හා අකාලික වී ඇත. බුදු දහම විද්‍යාවට සමාන කර පෙන්වීමට ඇතමුන් උත්සාහ කරනු දැකිය හැකිය. එසේ සිදු කරන්නේ නම් ඔවුන්ට ධර්මය ගැන සැකයක් අනිවාර්යයෙන්ම ඇතිවිය යුතුය. බුදු දහම පිළිබඳව මනා වැටහීමක් ඇති අය බෞද්ධ සංකල්ප ගැඹුරින් හැදෑරීමට උත්සාහ කරන අතර විද්‍යාවට ගැලපීමෙන් වැලකී සිටිනු දැකිය හැකිය. බුදු හිමියන් දෙසූ දහම බුදු දහමක්ම පමණි. අනෙකක් නොවේ. තවද බුදු දහමට සමීප දෙයක් නැත. ..න නේන ධම්මේන සමත්ථි කිඤ්චි.. යනුවෙන් රතන සූත‍්‍රයෙන් පෙන්වා දී ඇත.
තවද චතුරාර්ය සත්‍ය ගැලපීමට විද්‍යා විෂය යොදාගෙන තිබෙනු දැකිය හැකිය. මෙය නොකළ යුත්තකි. බුදු දහමේ හරය වන්නේ චතුරාර්ය සත්‍යයයි. මෙම සදාතනික සත්‍ය තමාට අවබෝධ වූ කල අවිද්‍යාවෙන් දුරු වූ විද්‍යාව උදාවූ ආලෝකෝ උදපාදි විද්‍යා උදපාදි වශයෙන් සත්වයා සතර කතරින් මිදවීමට හැකි විය. මේ විද්‍යාව ආධ්‍යාත්මික විද්‍යාවේ හටගැනීම වශයෙන් පෙන්වා දිය හැකිය.
ආධ්‍යාත්මික විද්‍යාව කිසිම විද්‍යාවකින් මතුකර පෙන්විය නොහැකිය. නමුත් ආධ්‍යාත්මික විද්‍යාව තුළින් අනෙකුත් සියලූ විෂයයන් විග‍්‍රහ කර පෙන්විය හැකිය.
බුදු දහමේ සුවිශේෂී බව මතු කිරීමේදී පෙනෙන ලෝකයේ කිසිදු දෙයක් හෝ සංකල්පයක් නැවත නැවත මතුකර පෙන්වීමට උත්සාහ නොගෙන ඇත. භෞතික සියලූ දේ අස්ථිර බව උන්වහන්සේ බෞද්ධ දර්ශනය තුළින් ඉස්මතු කර පෙන්වා ඇත. ආධ්‍යාත්මික ලෝකයට මුල් තැනක් දී ඇත.
බුදු දහම නොපෙනෙන සංකල්ප වලට වටිනාකම් එක් කර ඇත. පෙනෙන දේ අභිබවා ගොස් ඇත. ආරෝග්‍යා පරමා ලාභා සන්තුට්ඨි පරං ධනං.. විශ්වාසා පරමා ඥාතී නිබ්බාණං පරමං සුඛං වශයෙන් මතු කර බැලීමේදී ව්‍යාපාර හා මුදල් යෙදවීමෙන් වර්තමානයේ ලබන භෞතික ලාභය අභිබවමින් නිරෝගීකම පරම ලාබය කොට පෙන්වා ඇත. මතුපිටින් පෙනෙන ඥාතීන් පෙන්වා දි ඇත්තේ නොපෙනෙන විශ්වාසය වීමත් ධනය සතුට බවත් සැපත නිවන බවත් ආධ්‍යාත්මික වටිනාකමක් සමාජයට එක්කර ඇති බව මැනවින් දකිය හැකිය.
තවද ධනයනක් වර්තමානයේ ගෙවල් දොරවල් යාන වාහන වශයෙන් දකිය හැකි වුවත් බුදු හිමි සප්ත ආර්ය ධනයක් පිළිබඳව පෙන්වා දී ඇත. ඒ අතර ශීලය, පවට බිය, පවට ලජ්ජාව, පරිත්‍යාගය, ආදිය ආර්ය පුද්ගලයෙකුට ධනයක් වශයෙන් පෙන්වා දී ඇත. නොපෙනෙන සංකල්පවලට වටිනාකම් එක්කර ඇත. මෙම සංකල්පවල ප‍්‍රතිඵල විමර්ශනය කිරීමට කිසිවිටෙකත් උපකරණයක් නිර්මාණය වේ යැයි සිතිය නොහැකියි. මෙය ප‍්‍රඥාවෙන් අබබෝධ කළ යුත්තක් වේ. මෙය ප‍්‍රඥාව නැමති උපකරණයෙන් දැකිය හැක්කකි.
විද්‍යාඥයින් භෞතික කයක් ගැන විවිධ පර්යේෂණ කිරීම සිදුකර ඇත්්තේ විවිධ ඉන්ද්‍රියන් හා එහි රසායනික ක‍්‍රියාවලින් ඉස්මතු කර ඇත. බුදු දහම මේ පිළිබඳව පෙන්වා දී ඇත්තේ භෞතික වශයෙන් පෙන්වා දිය හැකි දෙයක් නොවන ලෙසය. නාම රූපවල එකතුවක් වශයෙනි. නාම රූප භෞතික වශයෙන් ගත නොහැකි අතර ඒ සියල්ල අස්ථිර බව පෙන්වා දී ඇත.  රූපය පවතිනුයේ නාමධර්ම තුළිනි. ඒ අනුව බැලීමේදී අධ්‍යාත්මික විද්‍යා සංකල්පය මෙහිදී ද දැකිය හැකිය. මෙයද කිසිදු උපකරණයකින් ඔප්පු කර පෙන්විය නොහැකිය. මේ සියල්ල අවබෝධ කරගත යුත්තේ තමාගේම මනසින් යුත්ක වීම සිහියේ ලබා ගත යුතුව ඇත. බුදු හිමියන් පෙන්වා දෙනුයේ මා හට පාර පෙන්විය හැකි බවත් ඒ පාරේ ඔබ යා යුතු බවත් මා විසින් ඔබව නීති දමා ඇදගෙන යාමත් නොකරනබව පෙන්වා දී ඇත.
ඉන්ද්‍රියන් ගැන පර්යේෂණ කර ඇතත් ඒ සඳහා පේශි ක‍්‍රියාකාරීත්වය තුළින් ශක්තිය ලැබෙන බව සඳහන් වුවත් ඒ සඳහා ආහාර ගත යුතු බව පෙන්වා දී ඇත. බුදු හිමියන් ආහාර වර්ග 4 ක් පෙන්වා දී ඇත. කැබලි කර ආහාර වල වැදගත්කම නූතන විද්‍යඥයින් පෙන්වා දුන්නත් තවත් ආහාර තුනක් ගැන බුදු හිමි පෙන්වා දී ඇත. මනෝසංඛික්ක, ස්පර්ශ, ඵස්ස ආහාර ඒ අතර වේ. ආධ්‍යාත්මික ශක්තියක් ඒ තුළ ජනනය කර ඇත. මනෝ පුබ්බංගමා ධම්මා සියල්ල මනස ප‍්‍රමුඛ වන බවත් මෙය භෞතික සංකල්ප අභිබවා යන බවත් විග‍්‍රහ කර ඇත.
තවද ආහාර වශයෙන් ගන්නා ආහාර වල පෝෂ්‍ය ගුණයේ බහුලතාව මත ප්‍රෝටීන්, කාබෝහයිඞ්ඩ්‍රේට්, විටමින් වර්ග පෙන්වා දී ඇත. ඒවා කිසිවක් මේසයක් මත හෝ අත්ල මත තබා මෙන්න මේවා ප්‍රෝටීන් බවත්, මේවා කාබෝහයිඞ්ඩ්‍රේට් බවත් පෙන්විය නොහැකිය. එතන ඇත්තේ කුමක්ද ආධ්‍යාත්මික ශක්තියකි. ප්‍රෝටීන් සෑදෙනුයේ වායූන් වර්ග කිහිපයක එකතුවකිනි. ඒ අනුව බැලීමේදී ඒ සියල්ල ආධ්‍යාත්මික ශක්ති විශේෂයකි. එය කර්මහ හෝ පින්පව් කුසල් අකුසල් වල සම්මිශ‍්‍රණයක් ලෙසින් ක‍්‍රියාත්මක බව බවක් දැකිය හැකිය.
පංච ඉන්ද්‍රියන් ගැන එහි ඇති නිර්මාණයන් ගැන විද්‍යාඥයන් පොතපතට රූප එක් කළත් එහි ඇති පෙනීම, ඇසීම, සුවඳ ආදී දැැනීම් සිදු වනුයේ කෙසේදැයි පෙන්වා දීමට අපොහොසත් වී ඇත. එහි ක‍්‍රියාකාරීත්වය පුදුම සහගත බව විද්‍යාඥයින් පෙන්වා දී ඇත. ඒ නිසා සිරුර අසිරියක් ඇතැයි දරුවන්ගේ පොත් වලට පාඩම් එක් කර තිබෙනු දැකිය හැකිය. එතැනින් එසේ ගැළවී ගියත් ඔවුන්ට ඒ සඳහා නියම පිළිතුරක් දීමට නොහැකි වී ඇත. මේ සඳහා බුදු හිමියන් මැනවින් අභිධර්මය අනුව ඇස, කන, නාසය, දිව ශරීරය මනස ආදී වශයෙන් ඉන්ද්‍රියන් 6 ක් ඇති බව රූප කාණ්්ඩය පෙන්වා දී ඇත. මේ මට්ටම නූතන විද්‍යාවේ ද කරුණු දක්වා ඇත. නමුත් අභිධර්මය තවත් රූප 6 ක් ගැන මෙසේ දක්වා ඇත. ඒවා ප‍්‍රසාද රූප වශයෙන් නම් කර ඇත. චක්ඛු ප‍්‍රසාද රූපය ජිව්වහා ප‍්‍රසාද රූපය ආදී ලෙස මේ ප‍්‍රසාද රූප යනු කුමක්දැයි කිසිවකු සිතා බැලූවාද නැත. ප‍්‍රසාද රූප යනු පෙනීමේ ඇසීමේ හා ගඳ සුවඳ හඳුනා ගැනීමේ ශක්ති රූපයකි. බුදුහිමියන් පෙන්වා දෙන අයුරින් ඇස තිබුණත් ප‍්‍රසාද රූපය නැතිනම් ඇසේ පෙනීම නොවන බවත් දිව තිබුණත් ජිව්වාහ ප‍්‍රසාදය නොමැති නම් රස නොදැනෙන බවත් පෙන්වා දී ඇත. මේ අනුව බැලීමේදී ඇස තිබුණත් චක්ඛු ප‍්‍රසාද රූපය දුර්වල වීමෙන් ඇස නොපෙනී යන බව සඳහන් වේ. ප‍්‍රසාද රූපය ඇතිවනුයේ පෙර ආත්ම වල ඔහු විසින් කරනු ලබන පින් පව්වල හා කර්ම ශක්ති වලින් බව සඳහන් වේ. ඒ නිසා මේ තරම් සියුම් ශක්තියක් ඇති බව බුදු හිමි ලොවට හෙළි කර ඇත. මෙය අභිධර්ම සංග‍්‍රහයේදී දැකිය හැක්කකි. ඇතමුන් අභිධර්මය බුද්ධ භාෂිතයකන් නොවන බවටද මතපළකර ඇත ඉහත ආකිරයට ඒ ශක්ති විශේෂයන් පිළිබඳ බුදු කෙනෙකුට මිස ඉතිහාස නිිර්මාණකරුවන්ට කළ නොහැක්කක් බවද තරයේ අවධානය යොමුකළ යුතුවේ. ඒ නිසා අභිධර්මය ගැඹුරින් හදාරණ විට පෙනී යන්නේ කිසිවකුගේ නිර්මාණයක් හෝ යාවත් කාලීන නිර්මාණයක් නොවන බවත් බුදුවරයෙකුගේම මුවින් ප‍්‍රකාශිත ගැඹුරුතම ධර්ම කොට්ඨාසයක් බවත් බෞද්ධ සෑම එකසේ පිළිගැනීමද කළ යුතු ඇත.
නූතන විද්‍යාවේ සඳහන් වන පරිනාම වාදයද විද්‍යාඥයන් විසින් පෙන්වා දී ඇති ප‍්‍රචලිත ප‍්‍රකාශයකි. පරිනාම වාදයකින් මිනිසා නිර්මාණය වී ඇති බවත් සඳහන් කරයි. මේ කියමනද බුදු දහමට අනුව බැලීමේදී බැහැර කළ යුතු සංකල්පයකි. මිනිසා පරිණාමය වූයේ වානර කුලෙන් බව මතුකර පෙන්වා දීමට උත්සාහ කර ඇත. එසේ නම් අද වානරයන් නොමැති විය යුතුය. මිනිසා විතරද පරිණාමය වි ඇත්තේ. එදා මදුරුවා අදත් ඒ අයුරින්ම දැකිය හැකිය. මිනිසා ඒ තරම්ව පරිණාමය වන දුර්වල සත්වයෙක්ද යන්න සොයා බැලිය යුතුව ඇත. මතුපිටින් ගත් දත්ත වලින් නිගමන වලට ප‍්‍රවේශ වීමෙන් සමස්ත දෙනෙකු නොමග යන බව සිහියේ තබා ගත යුතුව ඇත.
බුදු දහමේ මිනිසා නිර්මාණ පිළිබඳ අග්ගඤ්ඤ සූත‍්‍රයේ මැනවින් පෙන්වා දී ඇත. තවද බුදුවරු 28 නමක් ගැන බුදුවරුන් විසින්ම ප‍්‍රකාශ කර ඇත. තවද 525,000 ක් බුදු හිමියන්ගේ කාලයේ ගෞතම බුදුපියාණන් වහන්සේ ඉපදි ඇති බව සඳහන් වේ. අසත්ධර්ම දුරු කර සද්ධර්මය මෙනෙහි කිරීම දස පාරමිතා පුරන කාලය තුළ ඉහත සඳහන් ප‍්‍රමාණයක් බුදුවරුන් බුද් හිමියන්ට මුණ ගැසී ඇත. මේ අනුව බැලීමේදී නූතන විද්‍යාඥයින්ගේ පරිණාමය කොතැනින් ඇරඹෙන එකක්ද යන්න සැක පහළ වේ.
බුදු මහියන් අග්ගඤ්ඤ සූත‍්‍රයේදී පෙන්වා දුන් අනවසර දිව්‍ය ලෝකයෙන් ආධ්‍යාත්මික කයකින් යුත්ක එම සියුම් කය භෞතික දේ පරිභෝජනය කිරීමෙන් භෞතික ශරීරයක් බවට ගනවි මිනිසා නිර්මාණ වීි ඇති බව සඳහන් වේ. ටිකෙන් ටික ඝන ආහාර වලට යොමු වූ ඒ අධ්‍යාත්මික ශක්තියකින් යුත් අය මතුපිටින් පෙනෙන ශක්තිවන්තයින් බවට පත්ව ඇත. මෙය කල්ප විනාශවලින් පසුව සිදුවන්නක් විය යුතුය. 525,000 ක් බුදුවරුන්ගේ කාලයේ මෙවැනි සිදුවීම් බොහෝමයක් විටින් විට සිදු වී ඇති බව අවබෝධ කළ යුතු වේ.
අප ගන්නා ආහාර සියල්ලේ ලිපියේ සඳහන් කළ ආකාරයට ආධ්‍යාත්මික ශක්තියක් පමණක් ඇති බවත් එය පෙන්විය නොහැකි බවත් අනුව විග‍්‍රහ කර බැලීමේදී යුතුව ඇත. ප්‍රෝටීන් නැමති ආධ්‍යාත්මික ශක්තිය මිනිසාගේ භෞතික කයට විෂම ආධ්‍යාත්මික කයට එකතුවන අතර ආධ්‍යාත්මික කය වර්ධනය වන විට භෞතිකය වර්ධනය වේ. මෙය මනෝකාය වශයෙන්ද සඳහන් කළ හැකිය. මනෝමය කාය වලින් පැමිණි සත්වයන්ට ගන්නා ආහාර වල ඇති ආධ්‍යාත්මික ශක්තිය මනෝමය කායවල් වර්ධනය වීමෙන් භෞතික කය නිර්මාණය විය හැකිය.
තවද දිව්‍ය ලෝකවල මොනරුන් කිකිළියන් සිටිය හැක. ආධ්‍යාත්මික කායවලින් පෙනී සිටින සතුන් මෙහි පැමිණ භෞතික කායවල් නිර්මාණය විය හැකිය. නැතිනම් කිකිළිය හා බිිත්තරය ගෙන බැලීමේදී කිකිළියද බිත්තරයද ඉස්සර වෙලා ඇති වූයේ සංකල්පය බිඳ දැමිය හැකිය. ඒ අනුව කිකිළියන් මනෝමය කායවලින් පැමිණ භෞතික ශරීරය නිර්මාණ වූවා යැයි සිතිය හැකිය.

ඉහතින් සියලූ තොරතුරු හා කරුණු අනුව බැලීමේදී ආධ්‍යාත්මයට නැඹුරු වූ විද්‍යාව ලෙස බුදු දහම පෙන්වා දිය හැකිය. නූතන විද්‍යාවන් සමග සංසන්දනය කිරීම මගින් බුදු දහමේ නිර්මල බවට අඩු තක්සේරුවක් කළා වශයෙන් සිතිය යුතුය.

බුදු දහම කිසිසේත් භෞතික විද්‍යාව රසායන විද්‍යාව ජීව විද්‍යාව යන සංකල්ප වලට අනුව පැහැදිලි කිරීමට යන්නේ නව එය බුදු දහමේ නිර්මල බවට කරන අංගයක් වියහැකිය.

ඒ අනුව බැලීමේදී ආධ්‍යාත්මික සංකල්ප ඇතුළත් ආධ්‍යාත්මික විද්‍යාවත් ලොවට හෙළිකර ඇත. ඉහතින් සඳහන් කළ සියලූ විද්‍යාවන් බුදු දහමෙන් විග‍්‍රහ කර බැලීම කළ හැකි වන්නේ සියලූ භෞතිකය ඇත්තේ ආධ්‍යාත්මික ලෝකය මත වීමයි. භෞතික ලෝකය තුළ ඇති සංකල්ප වලින් ආධ්‍යාත්මික ලෝකයේ ඇති සංකල්ප විස්තර කිරීම හෝ පැහැදිලි කිරීම කිසිසේත් කළ නොහැකිය. ඒ නිසා බුදු දහමේ විද්‍යාත්මක බවක් ඇති බව තේරුම් ගත යුතුය. නවීන විද්‍යාත්මක ක‍්‍රම මගින් බුදු දහම විග‍්‍රහ කිරීම නොකළ යුතු බව වැටහී යනු ඇත.
බුදු දහමත් සමග බැලීමේදී නූතන විද්‍යාව ආධ්‍යාත්මික ලෝකය සංකල්ප පිළිබඳ අවබෝධයක් නොමැති බැවින් (උදාහරණයක් ලෙස මළගිය අය දෙවිවරු පිළිබඳ* හරි අඩක් අංගසම්පූර්ණ වූ විද්‍යාවල් ලෙස දැකිය හැකිය. ඒ නිසා සියයට පනහක් සංවර්ධනය වූ නූතන විද්‍යාව බුදු දහම විග‍්‍රහ කිරීමට යොදා ගැනීම නොකළ යුතුය.
ඒ නිසා විද්‍යාව හා බුදු දහම යන මාතෘකාවට අනුව ආධ්‍යාත්්මිකව සෘජු සම්බන්ධයක් ඇති බවත් භෞතික වශයෙන් වක‍්‍ර සම්බන්ධයක් ඇති බවත් පෙන්වා දිය හැකිය.
කෙසේ වුවත් සියලූ විද්‍යාවන් සියයට සියයක් වර්ධනීය මට්ටමක් තුළ බුදු දහම චුඩා මාණික්‍යයක් මෙන් බබළන එක කිසිවකුට ද නතර කළ නොහැකිය. ඒ කාලය වැඩි දුර නොමැති බව ද ප‍්‍රඥාවන්තයින් සිහියේ තබා ගත යුතු ව ඇත. ප‍්‍රඥාවන්තයින්ට පමණක් මාගේ ධර්මය තුළින් සහනයක් ලබා ගත හැකි බව බුදු හිමි පෙන්වා දී ඇත. මතු පිටින් පෙනෙන ලෝකය විනිවිද යමින් ආධ්‍යාත්මික චින්තනයක් තුළින් සසර කතරින් දුකට පත් සත්වයා ගලවා ගැනීම සඳහා අරි අටගි මග පෙන්වා දී ඇත.
ශීල, සමාධී, ප‍්‍රඥා තුළින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට බුදු හිමියන් පෙන්වා දුන් ආර්ය අෂ්ඨාංගික මාර්ගය තුළින් ගමන් කර සසර කලරින් එතර වීමට දෙසූ ඒ ආධ්‍යාත්මික විද්‍යා සංකල්ප ඇතුළත් බුදු දහම අප කාහටත් එකසේ මග පෙන්වා ඇත. සියලූ සත්වයන්ට නිර්මල බෞද්ධ දර්ශනය අවබෝධ කර සසර කතරින් එතර වීමට හක්තිය උදාවේවා යන්න එකම පැතුම අප කා තුළත් ඇති විය යුතුය.
තෙරුවන් සරණයි

ගා/බටේමුල්ල ජාතික පාසලේ ක‍්‍රීඩා උපදේශක
ත‍්‍රිපිටක ධර්මවේදී
අභිධර්මාචාර්ය ශාස්ත‍්‍රවේදී
අජිත් කුමාර මයා.
(බටේමුල්ල ජාතික පාසලේ අනුශාසක)

Published in: on ඔක්තෝබර් 4, 2010 at 5:39 ප.ව.  ප්‍රතිචාර (129)  
Tags: , , , ,

රිච්මන්ඩ් විද්‍යාලයීය බෞද්ධ දිනය සජීවීව නරඹන්න

රිච්මන්ඩ් විද්‍යලයීය බෞද්ධ සංගමය විසින් සංවිධානය කරනු ලබන බෞද්ධ දිනය සජීවීව නැරඹීම සදහා

මෙහි පිවිසෙන්න

Published in: on සැප්තැම්බර් 23, 2010 at 9:07 පෙ.ව.  ප්‍රතිචාර (1)  

රිච්මන්ඩ් විද්‍යාලයීය බෞද්ධ දිනය 23 වැනිදා අන්තර්ජාලය ඔස්සේ නරඹන්න..

රිච්මන්ඩ් විද්‍යලයීය බෞද්ධ සංගමය විසින් සංවිධානය කරනු ලබන බෞද්ධ දිනය මේ මස 23 වැනි බ්‍රහස්පතින්දා පෙ.ව. 8.00 සිට විද්‍යාලයීය කන්නංගර ශාලාවේදී පැවත්වීමට පියවර යොදා ඇත.. නව තාක්ෂණයේ පිම්මක් ඉදිරියට තබමින් මෙම දිනය අන්තර්ජාලය ඔස්සේ ඔබ හට නැරඹීමට අවස්ථාව ලබාදීමට අප කටයුතු යොදමින් සිටිමු.. එය සජීවීව නැරඹිම සඳහා එදින අපගේ මෙම බ්ලොග් අඩවියට පිවිසෙන්න.. ඔබට තෙරුවන් සරණයි..

වැඩිදුර විස්තර සඳහා අපගේ විද්‍යා සංගමයේ පිටුවට පිවිසෙන්න…
http://www.facebook.com/rcgss

Published in: on සැප්තැම්බර් 20, 2010 at 7:31 ප.ව.  ප්‍රතිචාර (2)  
Tags: , , ,
Follow

Get every new post delivered to your Inbox.